ලේඛනගත සාක්ෂි
ලේඛනගත සාක්‍ෂි ග්‍රන්ථයේ සිංහලයෙන් ලියැවුණු පරිච්ඡේද 17කි. ලේඛනගත සාක්‍ෂි වර්ගීකරණය, ඒවා යොදා ගැනීමේදී කථික සාක්‍ෂිවලට අත් වන ඉරණම, ලේඛන සම්බන්ධ පූර්ව නිගමන, ලේඛනගත සාක්ෂි ඔප්පු කරන ආකාරය, සාක්ෂි විමසීමේදී ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය, ලේඛනයක අත් අකුරු සහ අත්සන්, සැකකටයුතු ලේඛන පරීක්‍ෂාව (EQD Reports) ප්‍රාථමික ලේඛනයක් නොමැති විට ද්විතීයික සාක්‍ෂි යොදා ගන්නා අයුරු, සිවිල් නඩුවලදී ලැයිස්තුගත නොකළ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ නීතිය, ලේඛන ඉදිරිපත් කිරීමේදී විරෝධය පාන්නේ කෙසේද යන්න, සිවිල් සහ අපරාධ නඩුවලදී ලේඛනගත සාක්‍ෂි යොදා ගැනීම, දිවුරුම් ප්‍රකාශ ලේඛනගත සාක්‍ෂි ලෙස යොදා ගැනීම, නෙරපීමේ දැන්වීම්, අධිකාරි පත්‍ර ලේඛනගත සාක්‍ෂි ලෙස යොදා ගැනීම ආදී කරුණු විනිශ්චිත නඩු තීන්දු සහ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් මෙහි විග්‍රහ කර ඇත. එසේම 2025 ජනවාරි මස දක්වා යාවත්කාලීන කර ඇති ඉංග්‍රීසි බසින් වන නඩු තීන්දු 154කින් සමන්විත උප ග්‍රන්ථයක් ද මෙහි ඇතුළත් ය.
මේ නිසා "ලේඛනගත සාක්‍ෂි " නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වන සරල සිංහලයෙන් ලියැවුණු නීති ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය. සිවිල් අධිකාරණවල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණි ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්‍රන්ථ 34ක් ලියා පළකර ඇති අතර ඒවා නීතිවේදීන් අතරත් සාමාන්‍ය පාඨකයන් අතරත් අතිශය ජනප්‍රිය විය. මෙම ලේඛනගත සාක්‍ෂි ග්‍රන්ථය ඔහුගේ 35 වැනි නීති ග්‍රන්ථයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.