ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්
බ්රිතාන්ය යටත් විජිත සේවයෙන් විශ්රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එංගලන්තයට ගිය ලෙනාඩ් වුල්ෆ් ලෝ පතළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලාගැනීමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි. මේ ඔහුගේ ඒ සංචාරය පිළිබඳ කතාන්දරයයි.
"1910 දී මං යෝජනා කළා හම්බන්තොට නැව් වරායක් ඇති කරන්න. අපේ කාලෙදි කොළඹින් එවන බඩු හම්බන්තොටට එව්වෙ නැවෙන්. ඒක පහසුයි. ලාබයි. මං ආණ්ඩුවට සැලැස්මක් ඉදිරිපත් කළා හම්බන්තොටට නැව් වරායක් හැදීමට" ලෙනාඩ් වුල්ෆ් ගැමියන් සමඟ කිය. "මොකක්ද... ඒ සැලැස්ම..." එල්. පී. විතානාච්චි මහතා ඇසුවේය. "මහලේවාය ළඟ ඉඳල ගොන්නෝරුව හන්දියෙන් ආරබොක්ක ගම්මායමෙන් මිරිජ්ජවිලට අලුත් මහාමාර්ගයක් කපන්න ඕන... කරගම්ලේවාය වටේට අලංකාර අන්දමෙං ඒ පාර කපන්න පුළුවං. ඒක තංගල්ල කතරගම අලුත් මාර්ගයක් වෙනව. හම්බන්තොට නගරෙට නෑවිත් කතරගමට යන්න පුළුවනි. අලුත් පාර දෙපැත්තෙ මිරිජ්ජවිල ඉඳල ගොන්නෝරුව දක්වාම, කොටින්ම මහලේවාය සිප්පිකුලම දක්වාම මිනිස්සු පදිංචි කරවන අලුත් ජනාවාස කලාපයක් කිරීම පහසුයි. දැං තියෙන තංගල්ල පාරයි මේ අලුත් පාරයි කරගම්ලේවාය වටේට ඇති උණාම හම්බන්තොට නගරය පුළුල් වෙනවා.
"අලුත් ජනාවාස, වෙළෙඳසල්, පාසල්, රෝහල් ඇතිවෙලා ආරබොක්ක දිහාවෙ අලුත් නගරයක් ඉබේටම ඇති වෙනවා. දැං තියෙන කච්චේරිය තානායම ආදි ගොඩනැගිලි රේගුවට පවරල දීලා හම්බන්තොට මහ නැව් වරායක් වගේ දියුණු කරන්න ඕන. හම්බන්තොට නැව් වරායක් දැම්මම දකුණ, සබරගමුව, ඌව වගේ පළාත්වලට ලොකු සේවයක්. වසර 2000 දී හෝ මෙය කළ යුතු බව පෙනේවී" ලෙනාර්ඩ් වුල්ෆ් පැවැසීය. "අපි වගේ දුප්පත් මිනිස්සු ගැන කල්පනා කරන නායකයෙක් ඉස්මතු උණොත් ඕව සිද්ද වෙයි"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.