ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්
“බොහොමයක් ගම් පිළිබඳව සැලකීමේ දී පෙනී යන්නේ එක්කෝ ගම අභාවයට යා යුතුය; නැතහොත් හේන් කිරීමට අවසර දිය යුතුය.”
(1909 ජූලි 21)
“මාගම් පත්තුවේ ජනයා පදිංචි කරවීමෙන් පසුව පවා ඔවුනට හේන් අවශ්‍ය වන්නේය යන මතය මම දිගටම දැරුවෙමි.”
(1910 පෙබරවාරි 16)
“ගොවීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන බෙහෙවින් කනගාටු විය යුතුය. ඔවුන් යල කන්නයේ වගාව කළේ ගව වසංගතය හේතුවෙන් මුහුණ පෑ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය.”
(1909 අගෝස්තු 03)
“මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරල ලද මුලාදෑනීන්ගෙනි. ඊළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.”
(1909 මාර්තු 28)
“මාර්ග බද්ද නරක බද්දක් බවට කිසි සැකයක් ඇත්තේ නැත. මාර්ගය බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා අතරම ඇතැම්විට තානායමට යෑමට ද එය භාවිත කරන ධනවතුන්ට බද්ද කිසිසේත්ම බද්දක් නොවන්නේය. මාර්ගය ඉතා යාන්තමින් ප්‍රයෝජනයට ගන්නා ගැමියාට එය බොහෝවිට බරක් සේ සලකා සිතීමට තුඩු දෙන කරුණක් වන්නේය.”
(1910 ජූලි 09)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.