Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලිලිත්ලා

ලිලිත්ලා

ප්‍රකාශක (Publisher): Sigiri Publications
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ගයනි ගුරුගේ සන්තක කතා කලාව යනු ස්වකීය

අවිඥානය පයින් පාගාගෙන සිටීමට වෙර දරන

නිර්මාණාත්මක ස්ත්‍රියකගේ අන්තර්

භාෂණයක් වැන්න.

 

සවිඥානික නිර්මාණකරණ මෙහෙයුමක් සේ හැඟෙන

මෙකී අවිඥානික භාෂා කෙලි සෙල්ලම පය පතුළට

ඉහළුම් නොදෙන බැවින්, ඒ අතර වන රූපක

සංකේත සංලාප ඉහිලුම් නොදෙන වේගයකින් ද,

තානයකින් ද, මානයකින් ද, පාඨක හද මනස තුවාල

කරගෙන විසිරී යනු නවත්වන්නට එබස් හිමිකාරියට

පවා පුළුවන් කමක් නැත.

 

ඇය ඔසවා තබන නා නා පඨිත ඇගේ ව්‍යුහ

සංරචනය තුළ යහමින් කැලැත්තෙයි. කතාන්තර

අතර වොරඳන මායාකාර්භාවය, ඇගේ දැනුවත්

ප්‍රවේශයක් ලෙස තර්ක කරන්නට ඇයට පුළුවන්

වුව, මා යෝජනා කරන්නේ ඇගේ භාෂා ලෝකයේ

සමස්ත අඩංගුව ඇගේ ආත්මීයත්වය බව යි.

ලිලිත්, කුවන්නා, පැන්ඩෝරා මතු නොව ඉනන්නා

හෙවත් ඉෂ්තාර් පවා මානව ශිෂ්ටාචාරය විසින්

ස්ත්‍රීය තුළ නිධන් ගැන්වූ නිදහස පිළිබඳ අපේක්ෂාවේ

අවිඥානික මුද්‍රාවන් බව ගයහි ගුරුගේ නො දන්නවා

විය නො හැකි ය.

ඉදින්, මේ සියලු ස්ත්‍රී සංකේත නාමකායන් පවතින්නේ

ඇගෙන් පරිබාහිරව නොව ඇය තුළ ම බව

අනවසරයෙන් වුව මම අවධාරණය කරමි.

 

මංජුල වෙඩිවර්ධන

2025 හීතලය

පැරීසිය

ISBN
9786246777050
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලිලිත්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.