ළිං මැඩියෙකුගෙ හදවත
About this book
'ළිං මැඩියෙකුගෙ හදවත' නමින් එළිදක්වන මේ කුලුඳුල් කවි සරණිය සැබැවින් ම ආධුනිකත්වය ඉක්ම වූ සාධනීය ගුණාංග රැසකින් යුක්ත ය.
ඉහත ප්‍රවේශයේ දී සඳහනු ලැබූ ධ්වනිකාව්‍ය ලක්ෂණ බොහෝ දුරට ඇගේ කවියෙහි දැක්ක හැකි ය. අනවශ්‍ය දිගු කිරීම් හා අනෞචිත්‍ය පද යෝජන හැකිතාක් බැහැර ලා ඇති ඔවිනිගේ කවි සංක්ෂිප්ත ගුණ කවියට ඕනෑ පරිදි රැක ගනී.
බස අතවැසි කරගන්නා බුහුටි කවි පදමට ඔවිනිගේ මේ කවිය සෑහේ.
'ඉණේ වතත් අහිමිව ඉවුරේ රැඳුණී
තනේ කිරි සුදෙන් කෙකටිය මල් පිපුණී
සඳේ සාවු දොරකඩ වැලපෙත් සොවිනී
විනේ කිම්ද ඇඬුවේ නුඹ කණකෙකිනී'
අමා ඔවිනි අලුත්ගේ ගේ කවියට විචාරක පැසසුම් - සුබ පැතුම් ඕනෑ නැත. ඇගේ කවිය ම ඇයට සුබ පැතුමකි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
Details
ISBN
9786244866015
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review