Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලව් ස්ටෝරි

ලව් ස්ටෝරි

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

එරික් සේගල් අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ සම්භාවනීය මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 1970දී පළ කරන ලද Love story නැමති කෙටි ප්‍රේම වෘතාන්තය නිසාය.

එය හාවර්ඩ් හි අයිස් හොකී ක්‍රීඩකයෙකු වූ ඔලිවර් බැරට් සහ සාමාන්‍ය පංතියේ යුවතියක වූ ජෙනිෆර් කැවලරි අතර තිබූ ආදර සම්බන්ධය හෙලිකරන්නකි. එහෙත් එය සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වෙන්නේ ඔවුන්ට මුහුණපෑමට වෙන අසාමාන්‍ය සිදුවීම් මාලාව නිසාය. Love story කෘතිය ඇතමුන්ගේ තියුණු විවේචනයට ගොදුරු විය. එහෙත් ඒවා ගැන තැකීමකින් තොරව එය ‛වසරේ වැඩියෙන්ම විකිණෙන’ (බෙස්ට් සෙලර්ස්) පොත් ලැයිස්තුවේ ඉහළම තැනක රැඳී සිටීමට සමත්විය. එය අලෙවිවූයේ දශ ලක්ෂ ගණනිනි. එය මිලියන විසි දෙක ද ඉක්මවීය. මෙම පොත පාදක කරගෙන නිපදවූ චිත්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 5ක් හා ඇකඩමි සම්මානයක් හිමිකරගත් අතර තවත් ඇකඩමි සම්මාන හයකට නිර්දේශ කෙරින.

ආදරය යනු කිසිවිටෙක 'කණගාටුයි' යයි පැවසීමට සිදු නොවන දෙයක්’ බව මෙම පොතේ තේමාවය. එමෙන්ම දරුවන් විසින් නොසලකා හරින දෙමාපියන්ගේ වුව ද ආදරයේ ද මොනම අඩුවක්වත් නොමැති බව මෙම කතාවෙන් තහවුරු වෙයි.

ISBN
9789550171538
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලව් ස්ටෝරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.