Loving my චෙල්ල කුට්ටි
කෝ ඉන්නවා කියපු යාළුවෝ ටික
මං තදේටම ඇහුවා... කෙල්ල එත් ඩෝන්ට් කෙයාර්...
තමුසෙගෙන් මම ඇහුවේ දෝණි... කෝ ඉන්නවා කියපු යාළුවො ටික
තව ටිකක් මං වැඩි කලා සද්දේ....
"ඔය එන්නේ"
මං පිටිපස්ස බැලුවා... උන් දෙන්නා තුන් දෙනාටත් හොඳට කියලා දෙන්න ඕනේ... ඒත්.... ඔව් ඒත්. ඩග් ඩග්... ඩග් ඩග්... මගෙ පපුවෙ ගැස්ම වැඩිවෙන්න ගත්තා.....යාළුවො කියලා පෙන්නුවට හට් එක පැත්තට ආවෙ එක කෙල්ලයි.. එපා රෝමි එපා.. දැන් පිස්සු කෙලින්න හදන්න එපා... දෝණිත් ඉන්නවා.. බෑ මචං බෑ....මට මාව කොන්ට්‍රෝල් කරගන්න බෑ... මොකද ඒ ලස්සන මුණ දැක්කාම මගෙ මුළු සර්ව සරීරෙම නවතින්න ගත්තා, විනාඩි ගාණකටම... එතකොට මෙයාද මේ කතාවේ කතා නායිකාව වෙන්නේ.. හරියටම දැන්ම එහෙම කියන්න බෑ මචං. එත් මේ වෙලාවේ මට දැනෙන ආධුනික හැඟීමට අනුව... ඔව් බොහෝ වෙලාවට මෙයා මේ කතාවේ කතා නායිකාව වෙයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.