Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැඩම් ලියාන්ගේ දියණියෝ

මැඩම් ලියාන්ගේ දියණියෝ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පර්ල් ඇස්, බක්

1892 ජුනි 26 දින උපත ලැබූ පර්ල් මිෂනාරි සේවයේ යෙදුණු සිය දෙමාපියන් සමග චීනයට ගොඩ බසින විට ඇගේ වයස මාස තුනකි. ඇය පළමු වසර 40 ජීවත් වුයේ චීනයේ ය. ඇගේ චීන නම hu Sai Zhenzhu ය. ඇය එහි ගුරුවරියක සේ සේවය කළා ය.

පර්ල් 1917 දී John Lossing Buck හා විවාහ වූවා ය.

කියවීමට හා ලිවීමට ආශා කළ ඇය 1932 දී පිට කල Good Earth නවකතාවට පුලිස්ටර් සම්මානය හිමි විය. 1938 දී නොබෙල් සම්මානය දිනාගත් පළමුවෙනි ඇමෙරිකානු කාන්තාව විමේ ගෞරවය ද ඇයට හිමි විය. චීන ගොවියන්ගේ සැබෑ ජීවිත, ඔවුන්ගේ සංස්කෘතිය, දර දඬු පාලනය සමග ඉතිහාසය අලලා ඈ ලියු ඒ කතා හැමදාමත් නැවුම් ය. නවකතා, චරිතාපදාන, කවි, නාට්‍ය සහ ළමා සාහිත්‍යවලින් සමන්විත කෘතීන් 70 කට වඩා ඇය පළ කර ඇත. වයස අවුරුදු 80 දී පෙනහළු පිළිකාවකින් මිය ගිය ඇගේ ජීවිතය ද එක්තරා නවකතාවකි.

 

ප්‍රියංවදා ඇම්, බන්දුවර්දන

“ඔබ මට දැන් ආදරේ නැත් ද ” ඇය ඇසුවා ය.

“මං ඔයාට ආදරෙයි" ඔහු කීවේ ය.

"ඒත් මගේ කෙල්ලේ මට කන් දෙන්නකෝ. වැටෙන් එහා පැත්තෙ ඉන්න ගෑනිගේ බඩේ ඉන්නේ මගේ දරුවා, හිතන්න... ඒ පුතෙක් නම්....

"ඔබ හැසිරෙන්නෙ තවමත් පැරිසියේ ඉන්න විදියට” ඇය ඔහු වෙත කඩා පැන්නා ය.

ඔහු සිනාසුණේ ය. "මම පැරිසියේදී හුඟාක් දේවල් ඉගෙන ගත්තා".

ඒ අවසන් අරගලයට පෙර ඔවුන'තර වෙනත් අඬ දබර ද ඇතිවිය. එහෙත් වැටෙන් වහා ගැහැනිය පුතෙකු වැදූ පසු ඒ අරගල හමාර විය. ඔහු සම්පූර්ණ වශයෙන් චීනෙකු වී එම ගැහැනිය උප බිරිඳක් ලෙස නිවසට කැඳවා ගෙන පැමිණියා පමණක් නොව නිවසේ දියණියට තිබු තත්වය අහෝසි වී ගොස් එම තැනට ඒ කුඩා කොලූවා පත්වූයේ ය.

ඒ ඔහුගේ පුතා ය. නිවසින් පිටව යන විට හෝ ඇය ඔහු හා කලහ කර ගත්තේ නැත.

ISBN
9786242040738
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැඩම් ලියාන්ගේ දියණියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.