Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි
About this book

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්, ඒ කිසිවක් සිදු නොවූ විලසින් අපරදිග යුක්‍රේනයේ සොඳුරු කර්පාතියානු ගිරි වළලු ද, එහි පා අබියස වැතිරුණ නිම්න බිම්ද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳුල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිලිටි හරිතවන් ගිරි ශිඛර, චෙරෙමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිම් හරහා කොත්සුබින්ස්කියි සිය පන්හිඳෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිම්කඩට දැඩි සේ ඔවුන්ව ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුල්වරුන්ගේ ගොවි-එඬේර දිවි පෙවෙත, සාම්ප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගම් බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි. ‍

චෙරෙමෝෂ් නදී තෙරේදී නොපැතූ ලෙස ඉරණම විසින් මුණගස්වනු ලැබූ පසමිතුරු පවුල් දෙකක දරුවන් වූ 'ඉවාන්' ගේ හා කඳුවැටි මත හුත්සුල්වරුන්ට ආවේණික කලොමියිකා ගී මුතුවැල් වපුරවා ලූ 'මරීච්කා' ගේ අකලංක පෙම මියුරු වස්දඬු රාවයක  ප්‍රතිරාවයක්ද, නැතිනම් ගිරි හිසෙන් ගිරි හිසට ඇසෙන සේ පිඹෙන  ‍ත්‍රෙම්බීතාවක දුක් ගී රාවයක ස්පන්දනයක් වේදැයි විපරම් කරන්නට කර්පාතියානු ගිරි කඳුරේ "කිචෙර ගිරි හිස බිදුණු සෙවණැලි" සොයා ඇදෙන පාඨකයන්ට ඇරයුම් කරනු හැර අප සතු විකල්පය කවරේද?

ISBN
9786245572403
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.