Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / සබරගමුව දුම්රිය
About this book

රසික වික්‍රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් විද්‍යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද්‍යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතන වලත්, ඉදි කිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද්‍ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ්‍රාම ගත්තේය.
රසික වික්‍රමනායක විසින් 2021 වසරේදී ඉංග්‍රීසි බසින් ලියා පළ කරන ලද, ලංකාවේ පටු ආමාන දුම්රිය (Narrow Gauge Railways of Ceylon) පොත එම විෂය සම්බන්ධව ලිය වී ඇති ප්‍රථම සහ එකම පරිපූර්ණ පර්යේෂණාත්මක ග්‍රන්ථය ලෙස සැලකේ. සිංහල නිර්මාණාත්මක ලිවීම කෙරෙහිද උනන්දුවක් පළ කරන ඔහු, මොනර කුටුම්බය කෙටිකතා සංග්‍රහය 2022 වසරේදී පළ කළේය. සබරගමුව දුම්රිය, සිංහල බසින් ලිය වෙන ඔහුගේ පළමු වැනි දුම්රිය ආශ්‍රිත පර්යේෂණාත්මක ග්‍රන්ථයයි.

 

 

ISBN
9786249757745
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ඉතාමත් හොද කෘතියක්
    ඇත්තම කීවොත් බොහෝම සුළු ප්‍රමාණයේ ව්‍යාකරණ දෝෂ කිහිපයක් හැරෙන්නට මේ පොතේ නොසලකා හරින්න පුළුවන් කාරණයක් නැති තරම්. තියෙන හැම කාරණයක්ම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මුද්‍රණයේ ගුණාතමක බව. රුපියල් 1200ක් වගේ මුදලකට මේ වගේ ගුණාත්මක තත්වයක පොතක් එළිදැක්වීම ම බොහොම වටිනවා (වට්ටම් සහිත මිල රුපියල් 900 යි). සටහන අවසන් කරන්න ලැහැස්ති වෙන අතරේ; ලොකු වෙනසක් එක්කම මේ පොතේ දෙවැනි මුද්‍රණයත් ඉක්මණින්ම එළිදක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම තවත් මේ වගේ පොතක් ලියන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි ඉතින් කර්තෘතුමාගෙන්.
    Gimhan ·
Write a review

You're reviewing: සබරගමුව දුම්රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.