සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය

Special Price රු. 600.00 Regular Price රු. 750.00
In stock
SKU
sonduruthama-pyonyan-rathriya-pushpa-ranjan-grantha-publishers

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය.

සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය.

ඍතු චක්‍ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි.

රිදුමක බර විප්‍රයෝගයේ මස්තකප්‍රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප්‍රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා හැලෙයි. මොහොතකට මම ‘Crash Landing on you’ සලරුවේ රී ජෝන් හ්යොක් වන්නෙමි. ඇය යුන් සේ රින් වන්නීය.

විප්‍රයෝගය සැහැල්ලු කරගන්නට මම අපේ කතාව (සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය) වදන්වලට ගොනු කරමි. ඒ මිනිස් ළෙන්ගතුකමේ කතාවයි. ඇයගේ උපනෙත හරහා මා දුටු තවුස් දෙසේ සමාජ - සංස්කෘතික ස්ථරයේ කැඩපතයි.

"නිසල ගං දිය දිගේ ගල ගලා දිදුලනා ආලෝක කදම්බය, හද ඉවුර දෝර ගලා හැලෙන මැකී නොයනා මතක,

අතැර නොම ගොස් රැඳෙනු, මා සමග සොඳුරුතම ජ්යොන්යන් රාත්‍රිය!”

Author පුෂ්ප රංජන් විජේසිංහ - Pushpa Ranjan Wijesinghe (8)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9786245572700
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය
Back to Top