Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / මඩුවන්වෙල ජනකතා

මඩුවන්වෙල ජනකතා

About this book

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැගූ ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ්‍යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන් වෙල දිසාවට ඉහළ කීර්තියක් අත් කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක අශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි. 

එහෙත් රාජ්‍ය සම්මානනීය ලේඛක, ප්‍රවීණ ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ්‍රිත හා ඒඅවට පසුබිම, සමාජ සංස්කෘතික මූලාශ්‍ර වටා ගොඩ නැගී තිබෙන ජනකතා ග්‍රන්ථයක් ලෙස එකතු නොවීම ගැටලුවකි. අනෙක් අතට ජනශ්‍රැතිවේදියෙකුගේ සියුම් පර්යේෂණ ඥානය හඳුනා ගැනීමට මෙය වත්මන් විද්‍යාර්ථීන්ට කදිම නිදසුනකි.

ISBN
9789556564822
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මඩුවන්වෙල ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.