මගේ හොඳ තාත්තා
වීක්තර් ගොල්යාව්කින්ගේ ' මගේ හොඳ තාත්තා ' නම් මෙම යොවුන් නවකතාව සෝවියට් දේශයේ ළමුන් අතරේ අතිශයින් ආදරය දිනාගත් කෘතියකි. මෙම කෘතිය මගින් ගොල්යාවකින් සිය ආදරණීය පියා ගැන සිහිපත් කරයි. පේත්යා නම් සත් හැවිරිදි දරුවෙකුගේ දැසින් දිගහැරෙන මෙම කෙටි නවකතාව තුළින් බාකු නගරයේ ළමා විය, ස්වකීය බාල සොහොයුරු, මිත්‍රශීලී පවුල, අසල්වැසියන්ගේ චරිත හා සිය ළමා විය ගත වූ යුගය ගැන මෙන්ම, මව්බිම වෙනුවෙන් සටනට ගොස් යළි නොපැමිණි ආදරණීය පියාණන් ගැන ක්ෂේත්යා විස්තර කරයි. පියා චාම් ගතිගුණ ඇත්තෙකි. අවංකව ජීවත් වූ කෙනෙකි. දරුවන්ට මහන්සේ ආදරය කළේය. විසල් මනසකින් ලෝකය දෙස බැලීය. මව්බිම වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙළා ඉටුකළ උදාර මිනිසෙකි. සෞන්දර්යාත්මක හදවතක් ඇත්තෙකි. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ධවල හමුදාවන්ගෙන් මව්බිම බේරා ගැනීමට සෙන්පති චපායෙව් හා එක්ව සටන් වැදුනෙකි. පසුව සංගීතඥයෙකු ලෙස සාමකාමී දිවියක් ගත කළ ඔහු හිට්ලර්ගේ පැසිස්ට් ජර්මන් හමුදා සිය මාතෘ භූමියට කඩා වැදුණු විට යුද්ධයේ දෙවන දිනයේම සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.