Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සංචෝ සහ කහ සරුංගලය

සංචෝ සහ කහ සරුංගලය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සංචෝ සහ කහ සරුංගලය සෝවියට් දේශයේත්, ඉන් පිටත විදේශයන්හිත් ඉමහත් ජනාදරයට පත් කෙටි නවකතාවකි. ලතින් ඇමරිකානු රටකින් සෝවියට් දේශයට පැමිණෙන සංචෝ නම් කුඩා දරුවකු වටා ගෙතෙන මෙම කතාව ජාතීන් අතර මිත්‍රත්වය, ළමා අවංකත්වය, උදාර හා සත්‍යවාදී බව මෙන් ම, සීත යුද සමයේ එක් අඳුරු පැතිකඩක් ද යථාර්ථවාදී ලෙස විස්තර කරයි.

යූරි යාකොව්ලෙවිච් යාකොලෙව් (1922-1995) සෝවියට් රුසියානු ලේඛකයෙකි. සිනමා තිර පිටපත් රචකයෙකි. ළමයින් හා තරුණයන් වෙනුවෙන් බොහෝ පොත පත ලියූ ලේඛකයෙකි.

1922 රුසියාවේ ලෙනින්ග්‍රාද් හි උපත ලැබූ ඔහු 1940 දී සිය මාතෘ භූමිය වෙනුවෙන් දෙවන ලෝක සංග්‍රාමයට එක් විය. මොස්කව් නුවර ආරක්ෂා කිරීමේ මහා සටනට සහභාගි වී ඔහු බරපතල ලෙස තුවාල ලැබූ අතර, ජර්මන් හමුදා විසින් ලෙනින්ග්‍රාද් වටලන ලද අවස්ථාවේ ඔහු ගේ මව මිය ගියා ය. 1952 දී මක්සිම් ගෝර්කි සාහිත්‍ය සරසවියෙන් පිටවූ හෙතෙම පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කරමින් මුළු මහත් සෝවියට් දේශය පුරා සැරිසැරුවේ ය. එය ඔහු ගේ අසමසම සාහිත්‍ය නිර්මාණ සඳහා ජීව ගුණය සැපයී ය.

ඔහු ගේ සාහිත්‍ය නිර්මාණ ආරම්භ වූයේ කාව්‍ය කෘති වශයෙනි. 1949 දී ඔහු ගේ පළමු ළමා කෘතිය වන "අපේ ලිපිනය" ප්‍රකාශයට පත් විය. "අපේ බලකායෙහි", "කොල්ලන් ගේ නැවතුම් පොළ", "අණ දෙන්නා ගේ දියණිය", "මට සිංහයකු සිටියි", "මම සයිබීරියාවේ උපන්නෙමි", "නැගී සිටීමේ වතුරසුය", සහ "සිරියෝෂා ගේ සිහින", පාඨක ආදරය දිනාගත් ඔහු ගේ කෘති අතරින් කිහිපයකි.

ISBN
9789550745098
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංචෝ සහ කහ සරුංගලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.