රතු කොණ්ඩකාරියගේ කතාව
ලීදියා බුදගෝස්කයා ගේ සියලු ම පොත් සැබෑ සිදුවීම් මත පදනම් වූ ඒවා ය. “රතු කොණ්ඩකාරිය ගේ කතාව” ද ඉන් වෙනස් නොවේ. කතුවරියගේ ළමා වියේ පිළිබිඹුවක් ලෙස දිග හැරෙන මෙම කෙටි නවකතාව යේවා ක්යූන් නම් විරල නමක් ඇති නව යොවුන් දැරියක වටා ගෙතුනකි.
සාර් රුසියාවේ දේශපාලන විරුද්ධවාදින් මර්දනය කිරීම භාර ව සිටි උසස් පොලිස් නිලධාරියකු වූ ක්‍රෑර ගති පැවතුම් ඇති පියා සමග යේවා ගේ ඇති දුෂ්කර සබඳතාව ද, ගිම්නාසියාවේ මිතුරියන්, කුළුඳුල් ආලය හා දිවියේ නාට්‍යමය තත්ත්වයන්ගෙන් මිදී නිදැල්ලේ ජීවත් විමට ඇය තුළ පැවති නොනිමි ආශාව ද, ඒ වෙනුවෙන් ඇය කරන අරගලය ද මෙම කතාවෙන් කියැවේ. ලීදියා බුදගෝස්කයා ගේ මෙම කෘතිය සෝවියට් දේශයේ මෙන් ම වත්මන් රුසියාවේත් අතිශයින් ම පාඨක සිත් දිනාගැනීමට සමත් වී ඇත්තේ එම කතාවට පාදක වූ පූර්ව විප්ලවීය සමය අමතක කර දැමුවහොත් පොත ලියා ඇත්තේ වර්තමානය පසුබිම් කරගෙන බැව් හැගෙනා බව පිළිගත් මතයක් වන නිසා ය. රුසියානු ගත් කතුවරියක වන ලීදියා අන්තොනොව්නා බුදගෝස්කයා (1898 - 1984) වෝර්සෝ නුවර අසල ප්ලොට්ස් නගරයේ දි, රුසියානු නිලධාරී පවුලක උපත ලැබී ය. පියා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කළ සාර් රජු ගේ රහස් පොලිස් නිලධරයකු වූවා සේ ම, දැඩි ගති පැවතුම් ඇති ක්‍රෑර මිනිසෙකි. පියා ගේ දැඩි පොලිස් පාලනය හමුවේ කතුවරිය ගේ ළමා විය දුෂ්කර එකක් විය. එබැවින් “රතු කොණ්ඩකාරිය ගේ කතාව” ඇය රචනා කරන්නේ සිතින් මවාගත් දේ ගැන නො ව, පියා හා බැඳුණු සිය ළමා ව්ය පසුබිම් කරගෙන යි.
ඇය ගේ බොහෝ නිර්මාණවල ස්වකීය දිවියේ දුෂ්කරතා සහ පන්නරය ගැන ද විස්තර කෙරේ. රතු කොණ්ඩකාරිය ගේ කතාවේ දුෂ්කර කතා තේමාව නොතකා එය පරම්පරා බොහෝවක දරුවන් ගේ ප්‍රියතම කෘතිය බවට පත් ව ඇත. නවකතාවේ විස්තර කෙරෙන ස්ථාන හා ගමන් මග ඔස්සේ සංචාරය කරනු වස් ඈත ඌරාලයේ කාමා නදිය අසබඩ සරාපුල් නගරය කරා සෑම වසරක ම සංචාරකයෝ දහස් ගණනින් ඇදෙති.
-මල්වේණු කස්තුරිරත්න-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.