ලියොන් ට්‍රොට්ස්කි - මගේ ජීවිතය
1930 දී මෙය මුල්වරට පළ කිරීමෙන් අනතුරුව මෙම තෘතිය ලෝකයේ පළවූ ශ්‍රේෂ්ඨතම චරිතාපදානයක් බවට පත් විය. එහි සාහිත්‍යමය අගය මෙන්ම කතුවරයාගේ වීරෝදාර චරිතය පමණක් ගත්තත් මෙය විචිත්‍ර මානුෂ්‍යය ලේඛනයකි. නමුත් ට්‍රොට්ස්කි ලොව හෙල්ලූ සිද්ධීන් වලට සම්බන්ධ වූ නිසා එය ඓතිහාසික පරාසයකට පිවිසේ. 1905 විප්ලවය, 1917 බොල්ෂෙවික් විප්ලවය සහ ඉන්පසු සිවිල් යුද කාලය එහි විස්තර වේ.
ට්‍රොට්ස්කි තුර්කියට පිටුවහල් කොට පළමු අවුරුද්දේ ලියන ලද මගේ ජීවිතය ‘ විද්‍යාත්මක සමාජවාදය හා ලෙනින්ගේ විප්ලවවාදී ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා සටන් කළ වාම විරුද්ධවාදී ප්‍රවණතාව පිළිබඳව දැනුවත් විස්තර සටහනක් වේ.
1936 දී ලියොන් ට්‍රොට්ස්කි පෙරදුටු ස්ටාලින්වාදී නිලධාරී පෙළැන්තිය විසින් 1917 බොල්ෂෙවික් විප්ලවය පාවාදෙනු ලැබීම මේ වන විට සනාථ වී ඇත. 1991 දී ලොව බිහි වු ප්‍රථම කම්කරු සමාජවාදී රාජ්‍යය කඩා වැටුණේය.
කාල් මාක්ස් කී පරිදි දර්ශනවාදීන් ලෝකය විවිධ ආකාරයට විවරණය කර ඇත. ප්‍රශ්නය වී ඇත්තේ එය වෙනස් කිරීමය. ලියොන් ට්‍රොට්ස්කිගේ මෙම චරිතාපදානය එම උත්සාහයට නිදසුනකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.