Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මගෙන් ප්‍රවේශම් වනු සහ තවත් කතා

මගෙන් ප්‍රවේශම් වනු සහ තවත් කතා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"ඔව්.., මම ඇඬුව තමයි.. ඉතින් මොකද ?"
- නිදිවැරූ ස්වප්නය

"ෂ්.. කෑ ගහන්ඩ එපා"
මම කටට ඇඟිල්ලක් තබා කීවෙමි.
"පුතා නිදි, නෝනත් නිදි"
කනත්ත දෙස බලාගෙන කීවෙමි.
- මි.රා.ප.ලි.

මුලදී තමන් කොතරම් පිළිගැනීමට අකමැති වුවත්, සෝමදාසත් වජිරාත් එකහෙළා කියා සිටියේ මල්ලි සුවවන්නේ භාරය නිසා බවයි. ඔවුන්ගේ භාරය ඔසවා තැබූ ආයාස බාහුව වූයේ ඔවුන් ගේ ඒ විශ්වාසයයි. දැන් දැන් තම විද්‍යා ගුරු සිතේද, එම විශ්වාසයේ ආයාස බාහුව ඇතිවී ක්‍රමයෙන් දිගු වෙමින් වැඩෙනවා සරත් හට දැනෙයි.
- භාරය, දරය, ආයාසය.

මෙවර නම් ඇය මකරුන් හොඳින් දැක බලාගෙන තිබිනි. එහෙත්, තනිව එන කෙල්ලන් කොල්ලන් සමඟ හුරතල් වුවද, දෑත් පටලාගෙන එන්නවුන්ගේ ලේ කඳුළු සුසුම් හා හද ගැස්මවල් වලට ඉවකරමින් හිඳ, ඒවා උරාගෙන ඉන් ඇස් රතු කරගෙන, ගිනි පිඹිමෙන්, මේ චෛත්‍යයේ චූඩාමාණික්‍යය රතු පැහැ කිරීමට උන් බලා සිටිනා වග ඇ නොදත්තා ය.
- කිලිටි මිණි

මම මුළුමනින්ම මානසික වූයෙමි.
සිසිල් සඳුන් සුවඳින් සුගන්ධවත් වූ විමානය තුළ,
යම් යම් සුළු විරාමයන් ගේ චලනයන් ඇරුනු කොට නිසංසල සමවතකට වැදී කාල අවකාශය දිගේ ගලාගෙන ගිය මගේ පැවැත්ම, අනාදිමත් කාලයක් පුරා ඊට වඩා වෙනස් අරමුණක් අපේක්ෂා කළේ නැත. එවන් වෙනස් තත්වයක් අවශ්‍ය වූයේ යැයිද ( මම ) නොසිතුවෙමි.
මිදුමෙන් ගහන නීල වර්ණ අවකාශය දිගට විවේකීව ඇවිද ගිය එක් උදෑසනක, පියකරු මහනෙල් මල් විමානයක සෝබන ලෙස ඇවිද යමින් සිටි ස්වර්ණතිලකා, මාගේ හදිසි මුණගැසීම දීර්ඝකාලීන මිතු දමකට හරවා ගත්තීය.
එවක් පටන් මා සමඟ එක්ව විශ්වයේ අනන්ත දැනුම් ගවේශනයේ යෙදුනු ඇය, විටෙක මා උකුලේ සැතපුනි. පුලුන් වන් වළාවන් අතර විටෙක මේඝයකද, විටෙක ගිනිසිලකද වෙස් ගෙන ලාස්‍යය නැටුමක් නටනු සිහිනෙන් දුටුවාය. අවදිවූ පසු ඒ රැඟුම් යළි මා ඉදිරියේද රඟන්නට ඇයට වුවමනා විය.
- මගෙන් ප්‍රවේශම් වනු (ගුප්තද්වාරෝ හෙවත් වැසුනු දොර)

ISBN
9786244971016
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගෙන් ප්‍රවේශම් වනු සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.