Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්‍ය සංග්‍රහය

මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්‍ය සංග්‍රහය

About this book

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට තිබුණාද, මුද්‍රිරිත කවි පොතක් මගින් සිය කවි රසිකයා අතට පත් කරන්නට බොහෝ කවියන් දක්වන උද්යෝගය තවම එලෙසම ය. ඒ මහත් අසිරිමත් දෙයකි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ කෙනෙකු කවියක් ලියන්නට කල්පනා කිරීම ප්‍රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි.

අප වෙත කියවන්නට ලැබුණු ‘මල් පිපෙන්න ඉඩ හරින්න’ කවි එකතුව, නාවලගේ බැනට් කුරේ කවියාගේ කවි ප්‍රතිභාව මැනැවින් විදහා පාන්නාක් බව කිව යුතු වෙයි. මේ ඔහුගේ තුන්වැනි කාව්‍ය පියවරයි. සම්ප්‍රදායික ඡන්දස් ආදිය අනුව ලියවුණු කවි සේ ම, නාවලගේ කවියාගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතු වෙයි. කවියෙහි රිද්මය ආදිය රැකගන්න දක්වන්නා වූ සහජ කුසලතාව ආකර්ෂණය දනවයි. සම්ප්‍රදායෙහි නොසිට ඇතැම් තැන් හි නව කවි සංකල්පනා ආදිය කෙරෙහි දක්වන උනන්දුව අගය කළ යුතු ය.

නාවලගේ කවියා සිය කවිය, දිගු අභ්‍යාස සමයකින් යුතුව ජනගත කරන්නට උත්සාහ කරන ගුණය සහිත අයෙක් බැව් ඔහුගේ මුල් නිර්මාණ සහ මෙම කවි එකතුව කියවන විට මනාව හැඟෙයි. මෙහි එන ''සාංකාව, පුංචි ගේට්ටුව, එළිය පෙටේටි තොරණ, කියා දුන්නේ ඔබයි, පුතාගෙ රචනාව, අමරෙ, කන්දක තරම, අපි දෙන්නා” ආදී කාව්‍ය නිර්මාණ කවියාගේ සියුම් නිරීක්‍ෂණ ගුණය පිළිබඳ උදාහරණ කොට ගත හැකි වෙයි.

සමාජයේ විවිධ ඉසව් සිය සියුම් නිරීක්‍ෂණයට හසු කර ගනිමින් ගොඩනඟින බොහෝ කවි, වචන ඉක්මවා යන අරුත්වලින් යුතු වෙයි. මෙයට පෙර කවි කෘතිද්වයක්, නවකතා දෙකක්, කෙටි කතා කෘතියක්, චරිතාපදානයක් ආදිය රචනා කර ඇති නාවලගේ බැනට් කුරේ දිනෙන් දින සිය සතතාභ්‍යාස, ව්‍යුත්පත්ති ආදි ගුණයන් වර්ධනය කරමින් යන මේ සාහිත්‍ය චාරිකාව සුබවාදී බව දනවයි. එය අප මහත් සේ සතුටට පත්වන හේතුවක් බව මෙසේ සටහන් කරමු. මෙසේ සිය පරිකල්පනීය අඩවියේ තව තවත් සැරිසැරීම හේතුවෙන්, නාවලගේ බැනට් කුරේ කවියාගේ කාව්‍ය නිමැවුම් අනාගතයේ කවි අඹර ඉහළින් ම වැජඹෙනු ඇතැයි යන්න අපගේ සුහද බලාපොරොත්තුවයි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ISBN
9786242042695
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.