මල්බා ටහාන් ගේ ගණිතඥයා

Special Price රු. 850.00 Regular Price රු. 1,000.00
In stock
SKU
malba-tahange-ganithaghya-julio-cesar-chinthaka-sooriya

මම මෙසේ ගණන් කිරීම කොතරම් ප්‍රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප්‍රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සඳහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ ආකාරයෙන් මම ක්‍රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි.

කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවාසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදු කෙළෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසඳීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මාගේ ත්‍යාගශීලී ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉඳි වතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති ශූරබව දැන, ඔහුගේ පලතුරු වෙළඳාමේ ගණන් පරීක්ෂාව මට භාර කළේය. මම ඒ සමූහ වශයෙන් වෙන් කොට, එම කාර්යය ඉටු කරමින්, ඉඳි ගස් යට වසර දහයක් පමණ කල් ගත කෙළෙමි. මා විසින් ඔහුට ළගා කරදුන් මහත් ලාභය නිසා සන්තුෂ්ටියට පත් මගේ ගුණවත් ස්වාමියා, මට සිව් මසක විවේකයක් ලබා දුන්නේය. ඉතින් මම දැන් මගේ පවුලේ අය බැලීමට සහ ඒ ප්‍රසිද්ධ නගරයේ අලංකාර දේවස්ථාන සහ මහා මාලිගා නැරඹීම උදෙසා බැග්ඩෑඩය වෙත යමින් සිටිමි.

Author චින්තක විදානපතිරණ - Chinthaka Widanapathirana (5), Julio Cesar (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (452)
More Information
ISBN 9786246446192
පිටු ගණන 208
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මල්බා ටහාන් ගේ ගණිතඥයා
Back to Top