මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 1
ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. “කතාන්තර කීමේ රැජින” යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.
ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි, “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල” නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විසින් විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය චන්ද්‍ර අනගිරත්න අතින් නිම වී ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.