Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6
About this book

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. ‛කතාන්තරකීමේ රැජින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. 

ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත් කතා ලිවීමෙහි ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝරී ටවර්ස් බාලිකා විදුහල’. නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූරින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers Last term at Malory Towers සමිපූර්ණව හා අසංක්‍ෂිප්තව එමි. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හයවැනි නවකතාවයි.

ISBN
9789555516976
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.