Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මනස් පුත්‍රයාගේ මාලිගය

මනස් පුත්‍රයාගේ මාලිගය

About this book

කමල් වීරතුංග වලපනේ, කුරුපනාවෙල උපත ලබා, නූ/ සෙනරත් මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ද, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ද්විතීයික සහ ජ්‍යේෂ්ඨ අධ්‍යාපනය ද ලැබී ය. ඉන් පසු ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය දක්වා සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරී ය.

කමල් වීරතුංගගේ නිර්මාණශීලි හැකියාවන් පුබුදු වූයේ ඔහු ධර්මරාජ විද්‍යාලයේ 1972-1979 දක්වා කාලය තුළ අධ්‍යාපනය ලබන අවධියේ ය. ඔහු විද්‍යාලයේ විවිධ කලා සහ සිනමා සංගම්වල ක්‍රියාශීලි සාමාජිකයකු වූ අතර, විද්‍යාලයෙන් පළ කළ ප්‍රබුද්ධ සඟරාවේ සම සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු ලේක්හවුසියෙන් පළ කළ මිහිර ළමා පුවත්පතෙහි විද්‍යාලයීය වාර්තාකරු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහුගේ මුල් ම නිර්මාණ පළ වූයේ ධර්මරාජයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ බිත්ති පුවත්පත්වල ය. අධ්‍යාපන කටයුතුවල නියැළෙන අතර ම, යොවුන් නිර්මාණකරුවකු වශයෙන් ඔහු එවකට දිවයිනේ ප්‍රකට පුවත්පත් සහ සඟරාවලට ද සිය කෙටිකතා, පරිවර්තන සහ නිසඳැස් ආදි නිර්මාණවලින් දායක විය. මෙම පොත් පිංච කමල් වීරතුංග ආධුනික යොවුන් ලේඛකයකු වශයෙන් 1979-1987 පමණ කාලය තුළ සම්පාදනය කළ නිර්මාණ එකතුවකි.

වෘත්තියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන කමල් වීරතුංග, 1997 වර්ෂයේ දී සිය බිරිඳ වන නීතිඥ සේනානී වීරතුංග (විවාහයට පෙර කොතලාවල) සමඟින් ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා විදේශ ගත විය. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ මහා මාර්ග අධිකාරියක ව්‍යාපෘති සංවර්ධන අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරයි. විදේශ ගතවීමට පෙර, ඔහු ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහ අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියේ ද සේවය කළේ ය.

මෙම පොත් පිංචෙන් ලැබෙන මුළු ආදයම, ශ්‍රී ලංකාවේ නැඟී එන, දක්ෂ යොවුන් නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරියකට අත දීම පිණිස යෙදවීමට කතුවරයා බලාපොරොත්තු වෙයි.

ISBN
9786246446291
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනස් පුත්‍රයාගේ මාලිගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.