About this book
පළමුව විමතියට හා බියටත්, දෙවනුව තිගැස්මටත් පත් වූ ඔහු සෙමෙන් පහත්වී වැටී සිටි රුව වෙත නැඹුරු වූයේ සැලෙන
හදවතිනි. මේ වනගත ඉසව්වේ එවන් දසුන් ඉතාමත් විරලය. ඔහු වඩාත්ම මවිත වූයේ එබැවිනි. හිම මත වැටී සිටි රුව
කවරාකාරයේදැයි හදිසියේම නිශ්චය කරගත් මොහොතේ ඔහුගේ දෙනෙත් විමතියෙන් යළිත් ඇලළී ගියේය. එතැන උන්නේ
යුවතියකි. පෙනුමෙන් ඇගේ වයස වසර විස්සකට වැඩි නැත. ඈ සිටියේ සම්පූර්ණයෙන්ම සිහි විසඥවය.
රතු සළුවකින් ඇගේ හිස ආවරණය වී තිබිණි. ඇගේ ළා දුඹුරු වර්ණ කේශ කලාපය ඊට යටින් විසිරී
අවුල් වී හිම මත දැවටී අඩක්ම හිමෙන් යට වී තිබිණ.
ඔහු පහත් වී ඇගේ කම්මුලක් තෙරපා බැලුවේ ඈ ජීවතුන් අතර සිටිනවාදැයි සැක හැර දැනගන්නටය. .
Details
ISBN
9789553304704
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review