මැණික් අලියා සහ තවත් අලි
ලාංකේය සංස්කෘතියේ සුවිසෙස් පංගුකාරයින් වූ මෙරට ගෘහආශ්‍රිත සහ වනවාසී අලි ඇතුන් පිළිබඳ රට පුරා පෙර නොවූ තරමින් සංවාද විසංවාද පවත්නා කලක ඔවුන් පිළිබඳ වඩාත් සානුකම්පිත, සහකම්පනය දනවන සුළු මෙවන් කෘතියක් එම අවශ්‍යතාව සපුරාලීමට මහෝපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි.
'මැණික් අලියා සහ තවත් අලි' කෘතියේ සම්පාදක සුනිල් ලීලානන්ද පෙරේරා අයත් වන්නේ මෙරට සාම්ප්‍රදායික අලි ඇතුන් හිමි පවුලක දෙවෙනි පරපුරටය.
මා මුලින්ම ඇසුරට වැටුණේ ඔහුගේ පියා, රත්නපුරේ ප්‍රකට අලි ඇත් හිමිකරුවෙකු වූ ඕ.එස්. පෙරේරා මහතා සමගය.
ඒ වසර තිහකට එපිට කාලයකදීය. අලි ඇත් වෙදකම හා බැඳී දේශීය වෙදකම සේම බටහිර වෙදකමට සමාන්තරව නැඹුරු වූ මෙරට අලි හිමියන් අතර ඔහු ප්‍රමුඛයෙක් විය.
ඒ සංක්‍රාන්ති සමයේ අලි ඇත් වෙදකමට නැඹුරුවූ අප වැනි බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඉදිරිපත්වීම අලි ඇතුන් පිළිබඳ සාම්ප්‍රදායික අදහස් වත්පිළිවෙත් හැදෑරීමට ද අපට අනුබලයක් සේම ආශිර්වාදයක් ද විය.
මම කෘතියේ රචකයා ඔහුම පවසන පරිදි මවු කුසේ පටන්ම අලි ඇතුන්ගේ සංඥා කන වැටී අලි ඇතුන් හා බැඳි සංස්කෘතියට අප්‍රමාණ පෙම් බඳින්නෙකි.
සමහරවිට අලි පිළිබඳ එවන් සජීවී අත්දැකීම් හිමි අලි හිමියකු අතින් ලියැවෙන පළමු පොත මැණික් අලියා සහ තවත් අලි විය හැක.
කියවීමට රුචිය දැනෙන ආකාරයෙන් රචිත මේ කෘතිය අලි ඇත් ලෝලීන්ට පමණක් නොව මෙරට සංස්කෘතියේ අලි ඇතුන්ගේ පංගුව හැදෑරීමට උනන්දු සැමට අත් පොතක් යන්න මාගේ හැඟුමයි.
මහාචාර්ය අශෝක දංගොල්ල
පශු වෛද්‍ය සහ සත්ව විද්‍යා පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.