Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ
About this book

මානව ගැටලු විසඳා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්ථ ලැබෙන ය. එමන්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීයඅධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීයවිමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුවයි. "මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ" නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණකිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමි වේ.

වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමග න්‍යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීයඋපදේශකවරුන්ගේ අවශ්‍යතාව දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මනෝවිද්‍යාවෙහි නවමු විද්‍යාත්මක සොයාගැනීම් ගැඹුරින්අධ්‍යයනය කරමින් රචිත මෙම කෘතිය එබඳු වෘත්තිකයන් නිෂ්පාදනය කිරිමට ද ස්වයං අධ්‍යයනයෙහි යෙදෙන ශාස්ත්‍රහිතකාමීන්ටද ගැටලු නිරාකරණය කර ගැනීමට වෙර දරන්නවුන්ට ද කෘතහස්ත ග්‍රන්ථයකි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශ සරළ ව, ප්‍රායෝගිකනිදර්ශන සහිත ව නූතන ලෝකයට හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ගත් කතුවරියට සතු පරිචය මැනවින් ප්‍රකට කරන අතර එයබෞද්ධ අධ්‍යයනය සහ උපදේශනය සම්බන්ධයෙන් අනාගත ගමන් මගෙහි එක් මග සළකුණක් සනිටුහන් කරන්නකැයි කිව හැකිය. 

පීඨාධිපති.

ආචාර්ය උපාලි පන්නිලගේ 

මානවශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාපීඨය,

රුහුණු විශ්වවිද්‍යාලය, මාතර.

 

නූතන ලෝකයෙහි වඩාත් ජනප්‍රිය සහ ඵලදායී විෂයන් අතර මනෝවිද්‍යාව ඉමහත් සමාභාවනාවට පාත්‍රව තිබේ. සත්වයාගේ මනස සහ චර්යාව විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීම මෙන් ම මානවයා සතු මානසික සහ ඊට අදාළ කායික ගැටලු නිරාකරණ සඳහා යොමුවීම ද ඊට ප්‍රධාන හේතු වශයෙන් සඳහන් කළ හැකි ය. 

රුහුණ විශ්ව විද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි සහකාර කථිකාචාර්ය, දර්ශනපති හර්ෂිකා බණ්ඩාර දසනායක විසින් රචිත මනෝවිද්‍යා ප්‍රවේශ නමැති අභිනව ග්‍රන්ථය මනෝවිද්‍යාව, උපදේශනය, අධ්‍යාපනය, දර්ශනය සහ බෞද්ධ අධ්‍යයනය වැනි විෂයන්හි නිරත වන ගුරු සිසු විද්‍යාර්ථීන් සැමට ද එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ද ප්‍රාමාණික ග්‍රන්ථයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

රුහුණ විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය පන්ති සාමාර්ථ සහිත ව සමත් මෙහි කතුවරිය මෙම විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද කැළණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද අවසන් කොට එම විශ්වවිද්‍යාලයෙහි ම ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතුවල නිරත ව සිටියි. මනෝවිද්‍යා උපදේශන විෂය පෝෂණය සහ සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කතුවරියට විද්වත් සැමගේ ප්‍රශංසාව හිමිවනු නො අනුමාන ය.

උපකුලපති,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක, 

රුහුණ විශ්වවිද්‍යාලය, මාතර

ISBN
9789556564662
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Supun
    KUrunagala
    KUrunagala
    Chathuranga ·
  2. education
    to read
    Devika ·
Write a review
Write a review

You're reviewing: මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.