මනෝවිද්යාත්මක උපදේශන න්යායන්
ආචාර්ය සමුද්රා සෙනරත්, කොළඹ විශ්වවිද්යාලයේ, අධ්යාපන පීඨයේ, අධ්යාපන මනෝවිද්යා අධ්යයනාංශයේ උපදේශන මනෝවිද්යාව සහ අධ්යාපන මනෝවිද්යාව ඉගැන්වීම පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය වසර විස්සකට වඩා වැඩි කාලයක් ප්රායෝගිකව උපදේශනයේ නියැලෙමින් සිටී. පේරාදෙණිය විශ්වවිද්යාලයේ මනෝවිද්යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබා ගත් ඇය, කොළඹ විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලෝමාව හැදෑරීය. ඇයගේ විදේශීය අධ්යාපනය ලෙස එංගලන්තයේ බ්රිස්ටල්හි බටහිර විශ්වවිද්යාලයේ අධ්යාපනපති උපාධිය සහ ජර්මනියේ ලයිප්සිස් විශ්වවිද්යාලයෙහි මනෝප්රතිකාර හා උපදේශනයේ ප්රායෝගිකව යෙදෙමින් සහ ඒ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වෙමින් ස්වාභාවික විද්යා ගණයට අයත්ව මනෝවිද්යාව පිළිබඳ ආචාර්ය උපාධිය ගෞරව සම්මාන සාමාර්ථයක් සහිතව හිමි කර ගත්තාය.
කතුවරිය විසින් රචිත "මනෝවිද්යාත්මක උපදේශන න්යායන්" නම් මෙම කෘතිය උපදේශනයේ නියැළෙන සහ උපදේශන පාඨමාලා හදාරන විද්යාර්ථීන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනයට ඉමහත් පිටිවහලක් වනු ඇත. ප්රායෝගික උපදේශනයේ දී උපදේශන න්යායන් පිළිබඳ දැනුම උපදේශකයාට උචිත ලෙස ප්රායෝගික අන්දමින් උපයෝගී කරගන්නා ආකාරය මෙම ග්රන්ථයෙහි මැනවින් පැහැදිලි කර තිබේ. ශ්රී ලාංකික සමාජය තුළ උපදේශන මනෝවිද්යා අධ්යයන ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා ගන්නා ලද එක් උත්සාහයක ප්රතිඵලයක් ලෙස මෙම ග්රන්ථය අගය කරමි.
මෙම ග්රන්ථය උපදේශන විෂය අධ්යයනයෙහි යෙදෙන්නන්ට පමණක් නොව, දරුවන්ගේ මනස හඳුනා ගැනීමට උත්සාහ කරන සෑම ගුරුවරයෙක් ම කියවා බැලිය යුතු වටිනා ග්රන්ථයක් ලෙස නිර්දේශ කරමි.
මහාචාර්ය රාජා ගුණවර්ධන
හිටපු අංශ ප්රධාන අධ්යාපන මනෝවිද්යා අධ්යයනාංශය,
පීඨාධිපති,
අධ්යාපන පීඨය, කොළඹ විශ්වවිද්යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.