මරණය අබියස දී වැයුණු වයලීනය
ඉන් අනතුරුව අපව පෙර කාමරයට වඩා තරමින් විශාල කාමරයකට රැගෙන ගියේය. හිට්ලර්ගේ යුද හමුදාවේ ඉහළම පෙළේ නිලධාරීන් දෙදෙනෙක් අප එන තෙක් බලා සිටියහ.
ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට පෙර අපට ඇඳුම් ගලවා ඔවුන්ට මුහුණ ලා සිටගන්නා ලෙස නියෝග කෙරිණි. මෙම ක්‍රියාව අපව සම්පූර්ණයෙන් ම චිත්ත වික්ෂිප්තභාවයට පත් කළේය. එතෙක් මීට පෙර කිසිමදාක අප දෙදෙනා නිරුවතින් දැක නොතිබුණි. ජීවිතේ පළමු වරට පිරිමින් ඉදිරියේ නිරුවතින් සිටීමට සිදුවීම අම්මාත්, මමත් සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය තත්ත්වයකට පත් කරන්නට සමත් විය. සිහිනෙකින් හෝ සිතාගැනීමට නොහැකි ලැජ්ජාසහගත මෙය අප තුළ නින්දාවක්, අනාරක්ෂිත බවක් මෙන්ම, භීතියක් ද ඇති කළේය.
ප්‍රශ්න කිරීම සිදුවූයේ පුද්ගලික කාරණා සම්බන්ධව වූ අතර, අපි නිවැරැදි ජර්මන් භාෂාවෙන් පිළිතුරු දුන්නෙමු. අපව ප්‍රශ්න කරන්නන් ඉදිරියේ නිරුවතින් සිටීමට සිදුවීම මා අත්විඳින ලද අතිශයින් ම පහත් ලැජ්ජා සහගත සිද්ධියයි. මටත් වඩා කම්පාවට පත්ව සිටි මගේ මවගේ ශරීරය මගේ සිරුරෙන් ආවරණය කරගන්නට මම උත්සාහ කළෙමි. ඔවුන් නැගූ කිසිම ප්‍රශ්නයක් මට මතක නැත. ඔවුන් ඒ ප්‍රශ්න ඉදිරිපත් කළ ස්වරය ද මට මතක නැත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.