Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මාටින් පිග්

ප්‍රකාශක (Publisher): ලිට්ල් හවුස් - Little House
ප්‍රවර්ග (Genre): Thriller - ත්‍රාසජනකයි
About this book

නත්තලට සතියකට පෙර හදිසි අනතුරකින් සිදු වූ සිය පියාගේ මරණයෙන් පසු, පහළොස් හැවිරිදි මාටින් සිය ජීවිතය පිළිබඳ ගත යුතු තීරණ සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණ පායි. පියාගේ දැඩි කෲරකම්වලින් ගැලවුණ ද, ඔහුගේ මරණයට චෝදනා ලැබ සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත යන බියෙන්, මාටින් ඔහුගේ විශ්වාසවන්ත අසල්වැසි තරුණිය ඇලෙක්ස්ගේ උදව් ඇතිව පියාගේ මළ සිරුර සඟවා තබන්නට උත්සාහ කරයි.


එහෙත් ඔහුට කොතරම් කලක් සිය පියා මියගිය බව ලෝකයාගෙන් වසන් කර තබාගත හැකිද? ඔහුට විශ්වාස කළ හැක්කේ කාවද?


රහස් සහ බොරු තව තවත් සංකීර්ණ වන අතරේ, ඔහුගේ සියලු සැලසුම් අසාර්ථක වෙයි. ඔහුගේ ජීවිතය නොසිතු අවසානයක් කරා ඔහු ගෙන යයි.

Details
ISBN
9786245969142
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාටින් පිග්

Reviews are published once a member of our team has read them.