මට මතක රාහුලේ
නන් ඉසව් හි මහ සපන්කම් පෑ පුතුන් සිය දහසක් රටට දායාද කළ මාතර රාහුල මාතාවගේ කළ ගුණ දත් පුතකුට ඇයගේ සෙවණේ ගෙවූ ජීවිතය සිහියට නැගෙයි. එහි රස පිරි තැන් බොහෝය.
ඒ පිවිතුරු ලොවට අප කැඳවාගෙන යාමට ඔහු පොතක් ලියයි. විදුහල් මාතාව පිළිබඳව ඔහු තුළ වූ අතිමහත් ස්නේහයත්, ගෞරවයත්, භක්තියත් මෙහි වදනක් පාසා මතු වෙයි.
යූ. අයි. මුතුකුමාරණ නම් වූ මේ ලේඛකයා ලේඛන කලාවට පිවිසිය යුතුව තිබුණේ මින් අඩ සියවසකට පමණ පෙරය. ඔහු සතු ලේඛන හැකියාව අපට ඒ යුගයේ දී ද පෙනිණ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ‘මුතු’ උසස් නවකතාවක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් දුටු සැණින් එයින් පිටපත් කිහිපයක් මිලට ගනී. ඔහුට අවශ්‍ය වූයේ සිය මිතුරන් අතර ද හොඳ පාඨකයන් ඇති කිරීමයි. මම ද එතුමාණගෙන් පොත් තිළිණ ලැබූ අයෙක්මි. පොත් තිළිණ කිරීමෙන් පසුව ඔහු ඒ පොත් පිළිබඳව මිතුරන්ගෙන් විමසයි. සාකච්ඡා කරයි. උසස් රුචියක්, උසස් දැනුමක් සමාජය තුළ වගා දිගා කිරීමේ මහ මෙහෙවරක ඔහු යෙදුණේය. වෙනත් ලේඛකයන්ගේ පොත් අපට පිදූ ඔහු දැන් තමාගේම කෘතියක් අපට පිරිනමයි.
දැන් අප මෙන්ම අපේ ලේඛකයා ද සිටින්නේ ජීවිතයේ අග්ගිස්සේය. ඒ නිසාම ඔහුට නිදි නැතිව වේගයෙන් ලිවීමට සිදු වේ. මන්ද ජාතියට උරුම කළ යුතු දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක් ඔහු සතුව ඇති නිසයි.
අපි මුතුට සුබ පතමු.
දෙනගම සිරිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.