Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ඇසූ පමණින් විශ්මය දැනවෙන හා චිත්ත රූප මැවෙන හිමගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක් එළිදැක්වීමට හිමාල් ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති පියවර ප්‍රශංසනීය වෙයි. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියෙන් එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන් ම හිමාල අඩවියට පිවිසීමට කිසි දා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල තරණය යනු කවරාකාර අවදනාම්කාරී හා ත්‍රාසජනක ප්‍රයත්නයක් දැයි වටහාගැනීමට ලබාගත හැකි පිටුබලය සුළු පටු නොවේ. 

මෙවැනි අවදානම්කාරී දේශාටනයක් සැලසුම් කිරීමේ පටන් අවසානය තෙක් භෞතික-මානසික- ආධ්‍යාත්මික අත්දැකීම් එකින් එක පෙළගස්වමින් පාඨකයා සිය කියවීම ඔස්සේ හිමගිර තරණය කරවීමට ද කර්තෘවරයා සමත් වී ඇති බව පෙනේ. හිමවතෙහි අසිරිය, මිදුණු හිම අතරින් ගලන දිය පහරවල්, සුදු හිම රන්වන් පැහැයෙන් දිදුලවන හිරු රැස්, තණකොළ බුදින යැක් ගවයන්, හා කර්තෘගේ හිත් ගත් බව පෙනෙන නේපාල සුදු ලූනු සුප් මෙම රචනයට රසකාරක එකතු කර ඇත. ගමනාන්තයට ළඟා වීමේ දී දැනුණු ප්‍රීති ප්‍රමෝදය ගමනේ සරතස නිවා ලූ අයුරු සඳහන් කෙරෙනුයේ තව ද බොහෝ දෙනා තුළ මෙම චමත්කාරය විඳ ගැනීමේසියුම් අභිලාෂයක් ජනනය කරමිනි. 

බුදුන් උපන් දේශයේ අහසේ ගව්වෙහි ඉතිරි කොටස තරණය පිළිබඳව ද නුදුරේදීම කර්තෘ විසින් ලියැවෙන රචනයක් කියැවීමටපාඨක රුචිය පොළඹවන උත්තේජනයක් ද සසංකාරිකව හෝ අසංකාරිකව මෙම කෘතියේ පේළි අතරින් නිරූපණය වී තිබීම භාග්‍යයකි. 

ආචාර්ය ලලිතසිරි ගුණරුවන් 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය

ISBN
9789556564976
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. දොරට වැඩීමේ උලෙළ
    හිමගිරි තරණය පොත දොරට වැඩීමේ උත්සවය සැප්තැම්බර් 19දින සවස 3.30 ට ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රවණාගාරයේ පැවැත්වේ .
    හිමාල් ·
Write a review
Write a review

You're reviewing: හිමගිරි තරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.