Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අත්අඩංගුව
About this book
මේ සියවස මැද භාවය දක්වා අඳුරු අප්‍රිකාව නමින් හැඳින්වුණු අප්‍රිකානු මහද්වීපයේ ජනජීවිතය, චර්යා රටා හා සමාජ ගැටලු සාහිත්‍යය තුළින් අවබෝධ කර ගැනීමට සිංහල පාඨකයන්ට දොරගුලු විවෘත වූයේ ඉතා මෑතකදීය.සිංහලට පරිවර්තනය වූ ''මුහුද ගොඩගලා'', ''බැද්දෙන් සිදාදියට'' හා ''පොදු ජනයාගේ මිනිහෙක්'' වැනි කෘතීන් කියැවීමෙන් අප නොදන්නා තවත් ලොවක් ඇතැයි යන්න අපට පසක් විය. ඉංග්‍රීසි, ප්‍රංස හා බෙල්ජියම් ජාතීන් ඔස්සේ ආක්‍රමනය කළ බටහිර සංස්කෘතිය සමඟින් ගැටෙමින් තම අන්‍යතාව ආරක්ෂා කර ගැනීමට, ගෝත්‍රික වශයෙන් ජීවත් වූ මෙම ජන කොට්ඨාශ ගෙනගිය අරගලය මුල් භාගයේ ලියැවුණු බොහෝ අප්‍රිකානු කෘතීන්ගෙන් නිරූපණය විය.ඊට පසු මෑත භාගයේ ලියැවුණු කෘතීන් බොහෝ දුරට කතා කරන්නේ බටහිර ජාතින්ගෙන් පාලන බලය ලබාගත් දේශීය නායකන් අනුකාරක පිරිසක් බවට පත් වීමේ ඛේදවාචකයයි. බටහිර අප්‍රිකාවේ කැමරුන් රාජ්‍යයේ ජනතාව ප්‍රංශ යටත් විජිතයක්ව පැවති සමයේ බටහිර සංස්කෘතික හා ලබිදික ආක්‍රමණය සමඟ ගැටුණු අයුරු නිරූපණය කරන, ෆඩිනන්ඩ් ඔයෝනෝගේ HOUSEBOY නම් නවකතාව ''අත්අඩංගුව'' නමින් සිංහලට නැගීමෙන් සමරසිංහ ගුණසේකර මහතා අපේ නිම් වළලු තවත් පූළුල් කර ඇත.සුදු හාම්පුතුන්ගේ අභ්‍යන්තරය නොහැඳින බටහිර චර්යාවන්ට වශීව විනාශ මුඛයට ගිය අහිංසක තරුණයෙකු වටා ගෙතුණු මෙම නවකතාව සිංහල පාඨකයන්ට අපූරු අත්දැකීමක් වනු නිසැක ය.
ISBN
9789550079742
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අත්අඩංගුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.