Back to Top
මාතංගිනී
Special Price
රු. 360.00
Regular Price
රු. 450.00
In stock
SKU
mathangini-bankim-chandra-gayani-guruge-susara
පාඨකයා දැන් පැමිණෙන්නේ පෙර දා රැයේ පොකුණ අසල දී මාතංගිනී තාවකාලික අනතුරකට පත් වූ තැනටය. හිරු පැය දෙකක පමණ ගමනක් අහස දිගේ දිව ගොසිනි. අතු පතර පහතට නැමුණු සියඹලා ගස් සෙවණ යට තෙත් තණ ගොල්ල මත මාතංගිනී හිඳගෙන සිටියාය. ඇගේ ඇඳුම් තෙත්ය. සාරියේ මඩ තැවරිලාය. පුරුද්දෙන් කැරලිකාර ඇගේ කෙස් කලඹ පොද වැස්සට තෙමී රැලි බුරුල් වෙලාය. ඒවා ගෙල සහ දෑත් මත විසිරිලාය. හිස තරමක් පහතට නැමී තිබුණේ හිරු එළිය සමඟ ගන කළු කෙහෙරැල්ලට නටන්නට ඉඩ දී හිඳින්නා සේය. ඈ අසලින් කණක්ගේ රුව පෙනුණි. මොහොතකට පෙර තෙල් ගා තවන ලද්දා සේ ඇගේ සිරුර දීප්තිමත්ය.
| Author | ගයනි ගුරුගේ - Gayani Guruge (13), Bankim Chandra Chatterjee (1) |
|---|---|
| Publisher | සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (997) |
| ISBN | 9786246586058 |
|---|---|
| පිටු ගණන | 143 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




