මේ ලියුම නොකියවා ගිය අය
දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත්‍රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර.
එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා.
ගෙදරට ආපු සාවිත්‍රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන්
“හෙලෝ”
“ඔයා මගෙන් ඇහුව නේද එදා.?”
රසෝඝ ගේ මේ බාගෙට වාක්‍ය නවත්තන පුරුද්ද සාවිත්‍රිට ඒ කාලෙත් පේන්න බෑ. දැන් කියලත් ඒකෙ කියන්න තරම් හොදක් දැනෙන්නේ නෑ
“මොකක්ද මම ඇහුවේ..?”
“ඔයාව දුවට අදුන්වල දෙන්නෙ කවුරු විදිහටද කියලා”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.