Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මීනා

මීනා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමඟින් නූතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසා ය.

1876 නොවැම්බර් 14 වැනි දා මාතර දී උපන් අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1920 සැප්තැම්බර් 23 දා නුගේගොඩ දී පරලොව සැපත් විය. රාජ්‍ය සේවයේ නියුක්ත ව සිටි නමුදු හෙතෙම එම යුගයේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ජාතික ව්‍යාපාරය තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ විශිෂ්ට චරිතයක් විය. එක් අතකින් නිර්මාණ සාහිත්‍යය ද අනෙක් අතින් එම යුගයේ ප්‍රගතිශීලී මෙහෙවර වූ ජාතික සටන ද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් සයිමන් ද සිල්වාගේ ලේඛන, වර්තමානයේ වඩාත් ගවේෂණශීළී විචාරාත්මක කියවීමකට ලක් විය යුතු යැයි සිතමු.

Details
ISBN
978955300542X
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මීනා

Reviews are published once a member of our team has read them.