මේඝයකි නුඹ
පළවෙනි හුස්මටම ඒ කාර්‍යාල කුටියෙන් දැනුනෙ මේඝනගෙ සුවඳ. වරු ගණන් මං ගුලිවෙලා උන්නු පපුවෙන් දැනුන සුවඳ, ගෙවුණ මාස කීපයේ වැඩිමනක් හෝරාවන් මං හිටිය මේඝනගෙ පපුව පුරා තිබුණ සුවඳ.
මේඝනට තිබුණෙ රෝම පිරුණු පපුවක්. මුල්ම දවස්වල උඩටම නොපියවපු බොත්තම් වලින් පෙනුන ඒ පිරුණු ළයෙහි ඝනට වැඩුණු රෝම පිරිමදින්න මට බොළද ආසාවක් තිබුණා. ඊටත් පස්සෙ තවත් බොත්කමක් දෙකක් මුදවලා හාදු තියන්නත්, පස්සෙ පස්සෙ පහළට වෙන තුරුම බොත්තම් කාස මුදවගෙන කමිසය ඇතුළෙ මූණ හංගගෙන ඉන්නත් මං පුරුදු වෙලා හිටියෙ ඒ උණුසුමට මේඝනගෙ සුවඳට මං පුදුම තරම් ලෝබ නිසා.
සමහර විට මේඝන ගල්වන්නෙ සීමා සහිත නිපැයුමක් වෙන්න ඇති. කොහොමත් එයා වගේම එයාගෙ තේරීම් අද්විතීයයි. මේඝන හමුවෙන්න කලින්වත්, මේඝනගෙ හමුවීමෙන් පස්සෙවත් මේ තරම් ප්‍රේමණීය පිරිමි සුවඳක් මට අහම්බෙන්වත් දැනීලම නැහැ.
ඉතිං මේ මට පිටුපාලා ඉන්න පිරිමියා මේඝනම වෙන්න ඇති කියලා අනුමාන කරන තප්පරේ මේඝන මගෙ පැත්තට හැරුණෙ උකුල මත තිබුණ පරිඝණකය කාර්‍යාල මේසය මත තබමින්..
"මිහි"
| Author | සදීශා දොලවත්ත - Sadeesha Dolawaththa (5) |
|---|---|
| Publisher | ආශි ක්‍රියෙෂන්ස් - Ashi Creations (12) |
| ISBN | 9786246647056 |
|---|---|
| පිටු ගණන | 216 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




