හීතල මල් වැහි

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
heethala-mal-wahi-sadeesha-dolawaththa-sarvi-publisher

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ

ඇස්වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත්‍රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත්‍රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ.

මොනවද කන්නේ......”

බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....?

ආයෙමත් නපුරුම ස්වරයකින් කියලා දැම්මෙ ඩේමියන්ගෙ හැසිරීමට මං බය නිසා. ඇත්තම කිව්වොත් ඩේමියන්ට නෙවෙයි තප්පරේට කප්පරක් ගැහි ගැහී ඔහුට අවනත වෙන්න දඟලන මගෙ හිතට බය නිසා. අතිශය පරිපූර්ණව එකම රටාවකට ගලාගෙන යන මගෙ ජීවිතේට ආවාරෙ වැස්සක් වගේ ඇවිත් හීතලට තිගස්සවන ඒ ස්නේහ හැඟුමන් වලට බය නිසා..

Author සදීශා දොලවත්ත - Sadeesha Dolawaththa (4)
Publisher සාරවි ප්‍රකාශන - Saravi Publications (19)
More Information
ISBN 99786246168308
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හීතල මල් වැහි
Back to Top