Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මිහායිල් ලෙර්මන්තොව්ගේ ප්‍රතිභාව හා කාව්‍යකරණය

මිහායිල් ලෙර්මන්තොව්ගේ ප්‍රතිභාව හා කාව්‍යකරණය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

රහසක් සමග හෘදයාංගම සංවේගය
මා සිතුවේ; මිනිසා දින ද, දුක්ඛිත ද, කෙතරම්
මොනවද ඔහුට අඩු! පැහැදිලි අහස බබළයි
අහස යට ඇති තරම් ඉඩ කඩ
බෙදා හදා ගන්නට හැම දෙනාට ම
එනමුදු නැවතුමක් ඉවරයක් නැති
ඵලක් නැති යුද්ධයක නිරත වෙයි
ඇයි? කුමක් නිසාද?
(ලෙර්මන්තොව්ගේ (Valerik) කවියෙන්)

රුසියානු කාව්‍ය අම්බරේ බබලන කවීන් දෙදෙනකු ගැන පැවසේ, පළමුවැන්නා පුෂ්කින් ය. දෙවැන්නා ලෙර්මන්තොව් ය. පළමුවැන්නා ආරම්භකයා ය. දෙවැන්නා සංවර්ධනය කළ තැනැත්තා ය. පුෂ්කින් සමය වපුල සමයයි. ලෙර්මන්තොව් සමය අස්වනු නෙළන සමයයි. කෙසේ නමුත් රුසියානු බුද්ධිමතුන් මේ දෙදෙනා සලකන්නේ ඉර හා සඳු ලෙස යි. හිරු නම් පුෂ්කින් ය. සඳු නම් ලෙර්මන්තොව් ය. මේ පැරණි කාලයේ සැසඳුම් සංකේත සැබෑ පරිඥානයේ අපූරු අවස්ථාවකි. සඳඑළිය යනු හුදෙක් සූර්යයාගේ පරාවර්තිත ආලෝකයක් පමණක් නොවේ. සූර්යයාලෝකයේ පරිණාමයකි. සූර්යයාලෝකයේ ම වෙනස් වීමකි. ලෙර්මන්තොව් යනු පුෂ්කින්ගේ කවියෙහි උරුමක්කාරයා මෙන්ම ජයග්‍රාහකයා ද වෙයි.

ISBN
9786245578948
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිහායිල් ලෙර්මන්තොව්ගේ ප්‍රතිභාව හා කාව්‍යකරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.