මිහිරි මිදි අතු

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
mihiri-midi-athu-rochelle-fernando-rasakatha

මත් කෙරෙන කවි වතුර

තෙත් හාදු බොන අතර 

අත් දෙකේ ඔබ නිතර

 ගුලිවෙලා හුන්

 

හිත් උයනෙ වී නතර 

පත් ප්‍රේමයේ වැතිර 

තත් වයන ගී මතුර 

නැළවුණේ මං

 

මීදුමේ කඳු පතුල 

සිහිකෙරෙන ඔය කොපුල 

තුෂර පිනි කඳුලෙකත් 

පිපුණේද මල්

 

ඒ මලෙක සිනිඳුවට

ලියූ වැහි ප්‍රස්තාර 

ගීතවත් සානුවේ 

ප්‍රේමයකි දැන්

 

පටු වීදි කෙළවරෙක 

අලව අලවා දෙඇස 

බැල්මකින් ඇල්ම පා 

සැඟවුණේ නම්

 

නිල් අහසෙ වී නතර 

රිදව රිදවා මතක 

නැතිද තරු එළියකට 

හදවතක් යම්.?

Author රොෂෙල් ෆර්නෑන්ඩු - Rochelle Fernando (2)
Publisher රසකතා ප්‍රකාශන - Rasakatha Publishers (24)
More Information
ISBN 9786246417154
පිටු ගණන 64
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top