මිනීමරු බැළලිය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
mineemaru-balaliya-upekshana-anuhas-phoenix-publications

අසුරු සැණෙකින් තරුණියගේ මුහුණේ හැඟීම් වෙනස් වුණි. ඊළඟ තත්පරයේ ඇය හැකි උපරිම වෙර යොදා මෝගන්ගේ අතෙහි තිබූ රිවෝල්වරයට බ්‍රීෆ් කේසයෙන් පහරක් ගැසුවාය. ඒ සමඟම රිවෝල්වරය මෝගන් අතින් ගිලිහී ගොස් තාප්පයෙන් අනෙක් පසට වැටුණු අතර තරුණිය අතින් සූට්කේසය ගිලිහී ඉහළ අහසට ඇදී ගියේය.

සිංහයකු ගොදුරක් ඩැහැ ගැනීමට පෙර අඩියක් පිටුපසට තබා ජවය ගන්නවාක් මෙන් අඩියක් පසු පසට කර මදක් බිමට නැමුණු තරුණිය දුන්නෙන් මුදාහළ හීයක් මෙන් එක්වරම ඉහළ අහස් කුසට වේගයෙන් ඇදී ගියාය. ඒ සමඟම ඇය කළු පැහැති විශාල බැළලියක බවට පත් වූ අතර බැළලිය අහස් කුසේදීම බ්‍රීෆ් කේසය කටින් ඩැහැගෙන "දඩස්" යන හඬ නංවමින් බිමට වැටුණි. බ්‍රීෆ් කේසයත් කටින් එල්ලාගෙන තාප්පය මතට නැඟුණු බැළලිය අනෙක් පැත්තට පැන සැඟව ගියේ අසුරු සැණෙකිනි. 

Author ඉසුරුජිත් උපේක්ෂණ අනුහස් - Isurujith Upekshana Anuhas (3)
Publisher Phoenix Publications - ෆීනික්ස් ප්‍රකාශන (8)
More Information
ISBN 9786246321000
පිටු ගණන 72
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මිනීමරු බැළලිය
Back to Top