මිනීමරු බැළලිය
අසුරු සැණෙකින් තරුණියගේ මුහුණේ හැඟීම් වෙනස් වුණි. ඊළඟ තත්පරයේ ඇය හැකි උපරිම වෙර යොදා මෝගන්ගේ අතෙහි තිබූ රිවෝල්වරයට බ්‍රීෆ් කේසයෙන් පහරක් ගැසුවාය. ඒ සමඟම රිවෝල්වරය මෝගන් අතින් ගිලිහී ගොස් තාප්පයෙන් අනෙක් පසට වැටුණු අතර තරුණිය අතින් සූට්කේසය ගිලිහී ඉහළ අහසට ඇදී ගියේය.
සිංහයකු ගොදුරක් ඩැහැ ගැනීමට පෙර අඩියක් පිටුපසට තබා ජවය ගන්නවාක් මෙන් අඩියක් පසු පසට කර මදක් බිමට නැමුණු තරුණිය දුන්නෙන් මුදාහළ හීයක් මෙන් එක්වරම ඉහළ අහස් කුසට වේගයෙන් ඇදී ගියාය. ඒ සමඟම ඇය කළු පැහැති විශාල බැළලියක බවට පත් වූ අතර බැළලිය අහස් කුසේදීම බ්‍රීෆ් කේසය කටින් ඩැහැගෙන "දඩස්" යන හඬ නංවමින් බිමට වැටුණි. බ්‍රීෆ් කේසයත් කටින් එල්ලාගෙන තාප්පය මතට නැඟුණු බැළලිය අනෙක් පැත්තට පැන සැඟව ගියේ අසුරු සැණෙකිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.