මිරිඟුව - මාදුමෛ සිවසුබ්‍රමනියම්
About this book
මාදුමෛ සිවසුබ්‍රමනියම් කොළඹ විශ්ව විද්‍යාලය තුළ හඳුන්වනු ලැබුවේ ''මාදු'' වශයෙනි.දැනට ස්විට්සර්ලන්තයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින ඇය 2003 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පෙළ සාමාර්ථයක් සහිතව ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හිමිකර ගත්තාය. යාපනයේ උඩුවිල් බාලිකා විද්‍යාලයෙන් තම පාසල් අධ්‍යාපනය ඇරඹු මාදු අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වූයේ ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි විද්‍යාලයෙනි.උතුරු- නැගෙනහිර විසූ අනෙක් දරු දැරියන් මෙන් මාදු ද හැදී වැඩුණේ යුද්දය තුළය. තම එකම සොහොයුරිය ද ඇතුළු ව තමාගේ නෑදෑයින් හිත මිතුරන් හා අසල්වාසීන් යුද්ධයට මැදි වී සිය දහස් ගණනින් මිය යනු ඇය සියැසින් ම දුටුවාය.එහෙත් උතුරේත් දකුණේත් ජීවත්වන සිංහල දෙමල හා මුස්ලිම් සියලු දෙනා එකම මානව වර්ගයකි. මාදු කුඩා කාලයේදී තම අත්දැකීම් ඇසුරු කොට ගෙන ලියන ලද මෙම කෙටිකතා එකතුව ඇයගේ මානව දයාව පිළිබිඹු කරන කැඩපතකි.මෙම කෘතිය කියවන ඔබේත් මගේත් සිතට නැගෙන එකම ප්‍රශ්නය නම් යුද්ධය කුමක් අරභයාද යන්නයි.
Details
ISBN
9556522657
පිටු ගණන (Pages)
100
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review