Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මොබිඩික්

මොබිඩික්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ෆෙඩෙල්ලාගේ අතුරුදහන් වීමෙන් අනතුරුව දෛවය විසින් කපිතාන් අහබ්ගේ බෝට්ටුවේ හිස්වු හබල්කරු තනතුරට තල්ලු කරනු ලැබුවේ මාය. එමෙන්ම මෝබ් ඩික් එල්ල කළ වල්ගා පහරත් සමඟ මුහුදට වීසි වී වැටුණු, නැවත බෝට්ටුවට නැඟ ගත නොහැකි වු තෙවැනි හබල්කරුවා ද ස්මායෙල් නම් වු මාය. දිය සුළිය කෙළවර පාවෙමින් සිටි මම සිදු වු සියල්ල දුටුවෙමි. දිය සුළිය මධ්‍යයට මා ඇඳී යනවිට එහි ප්‍රබලත්වය අවම වී එහි පෙණ ගොඩක් නැඟෙමින් තිබිණි. ඒ සමඟම එතැනින් දිය මතුපිටට වේගයෙන් ඇදී ආවේ විශාල බුබුළකි. එය පිපිරී යද්දී දිය මතුපිටට පාවෙන්නට වුයේ කුයීක්වෙග් වෙනුවෙන් තැනු මිනී පෙට්ටියයි. එය බදාගෙන මම සම්පුර්ණ දවසක් හා රාත්‍රියක් මුහුදේ පාවෙමින් සිටියෙමි. මෝරුන් මා වටා පිහිනුවේ උන්ගේ මුවවලට ඉබි යතුරු දමා වැසුවා මෙනි. මුහුද උකුස්සන් මට ඉහළ අහසේ පියාහැඹුවේ උන්ගේ හොටවලට කොපු දමා වසා ඇතුවා මෙනි. දෙවැනි දිනයේ රුවල් නැවක් සෙමෙන් සෙමෙන් පැමිණ ඊට මා නංවා ගත්තේය. ඒ කපිතාන්ගේ නැති වු දරුවා සොයමින් යාත්‍රා කළ රුවල් නෞකාවයි. නැතිවු ඒ දරුවා වෙනුවට ඊට සොයාගත හැකි වුයේ තවත් අනාථයෙකි.
ISBN
9789553306012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොබිඩික්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.