මොනර පෙම
About this book
මුනිපාල පන්නිල අපට කලාතුරකින් හමුවන අපූරු කුසලතාවයෙන් හෙබි කවියෙකි, ලේඛකයෙකි, ගේය පද රචකයෙකි. 'රිදී ඔරලෝසුව, අලි දරුවා' යන ළමා කතා තුළින් ලේඛනවර ලැබූ ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මොනර පෙම නමින් පාඨක ලෝකයා වෙත මෙලෙස පිළිගැන්වෙයි.
ගුරුවරයෙකු ලෙස දිගුකලක් වැව්ගම් පත්තුවේ දරුවන්ට අකුරු කරමින් ලෙවී වැකිය කවි වැකියෙන් පොහොසත් කළ ඔහුගේ බොහෝ නිර්මාණ නියං සමයක පැලී වළං තැළුණු වැව් පතුලක සැඟවී ඉඳ වස්සානයේ සුහුඹුල් ව නොපිපී හිඳුණු බැරි මොහොතක වැව් දියෙන් මතු වී එන අරවින්දයක් සේ සුගන්ධවත්ව ද සුපුෂ්පිතව ද වෙයි.
මහින්ද චන්ද්‍රසේකර
Details
ISBN
9786245148004
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review