මුගලන් මහ රහතන් වහන්සේ

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
mugalan-maha-rahathan-wahanse-gayan-chanuka-dayawansha

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ චරිතාපදානය රචනා කොට සිංහල බෞද්ධ පාඨකයා අතර ප්‍රචලිත වූ ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයා ගේ දෙවැනි ප්‍රයත්නය වී ඇත්තේ මුගලන් මහ රහතන් වහන්සේ නමැති කෘතිය ප්‍රකාශයට පත් කිරීමටයි.

ත්‍රිපිටකය මෙන්ම බෞද්ධ මූලාශ්‍ර ග්‍රන්ථ රාශියක් පරිශීලනය කොට මුගලන් මහ රහතන් වහන්සේ ගේ චරිතයට අදාළ කථා වස්තු සියයකට ආසන්න සංඛ්‍යාවක් සරල සිංහල භාෂාවෙන් කියා දීමට කතුවරයා උත්සාහ දරා ඇත.

බුදුහිමියන් ගේ දෙවෙනි අග්‍රශ්‍රාවක ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ චරිතය සුවිශේෂ කොට රචනා වී ඇත්තේ ග්‍රන්ථි ස්වල්පයකි. එම ඌනතාවය සපුරාලීමට ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයාණන් දරා ඇති ප්‍රයත්නය අති ප්‍රසංශනීය වන්නේය.

දැනට කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ සිප්සතර හදාරන ඔහු ගේ අනාගත ලේඛන කාර්ය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි පතන අතරම බෞද්ධ සාහිත්‍යය පෝෂණයට සිදු වූ මෙම සත්කාර්ය කාගේත් පැසසුමට හා විමසුමට ලක් විය යුතුය.

මහාචාර්ය දයා එදිරිසිංහ

දර්ශන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය,

කැලණිය.

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555518253
පිටු ගණන 270
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මුගලන් මහ රහතන් වහන්සේ
Back to Top