මුගලන් මහ රහතන් වහන්සේ
සැරියුත් මහ රහතන් වහන්සේ ගේ චරිතාපදානය රචනා කොට සිංහල බෞද්ධ පාඨකයා අතර ප්‍රචලිත වූ ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයා ගේ දෙවැනි ප්‍රයත්නය වී ඇත්තේ මුගලන් මහ රහතන් වහන්සේ නමැති කෘතිය ප්‍රකාශයට පත් කිරීමටයි.
ත්‍රිපිටකය මෙන්ම බෞද්ධ මූලාශ්‍ර ග්‍රන්ථ රාශියක් පරිශීලනය කොට මුගලන් මහ රහතන් වහන්සේ ගේ චරිතයට අදාළ කථා වස්තු සියයකට ආසන්න සංඛ්‍යාවක් සරල සිංහල භාෂාවෙන් කියා දීමට කතුවරයා උත්සාහ දරා ඇත.
බුදුහිමියන් ගේ දෙවෙනි අග්‍රශ්‍රාවක ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ චරිතය සුවිශේෂ කොට රචනා වී ඇත්තේ ග්‍රන්ථි ස්වල්පයකි. එම ඌනතාවය සපුරාලීමට ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයාණන් දරා ඇති ප්‍රයත්නය අති ප්‍රසංශනීය වන්නේය.
දැනට කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ සිප්සතර හදාරන ඔහු ගේ අනාගත ලේඛන කාර්ය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි පතන අතරම බෞද්ධ සාහිත්‍යය පෝෂණයට සිදු වූ මෙම සත්කාර්ය කාගේත් පැසසුමට හා විමසුමට ලක් විය යුතුය.
මහාචාර්ය දයා එදිරිසිංහ
දර්ශන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය,
කැලණිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.