Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සැරියුත් මහ රහතන් වහන්සේ
About this book

සැරියුත්

මහ රහතන් වහන්සේ 

ගයාන් චානුක විදානපතිරණ

"අසූ මහා ශ්‍රාවකයෝ" නමින් ඉතා වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කොට මහ නා හිමිවරුන්ගේ ප්‍රශංසාවට හා ජනාදරයට පත් වූ ගයාන් චානුක විදානපතිරණ සිසුවා එහි උණුසුම යන්නට ත් මත්තෙන් මහා ශ්‍රාවිකාවන් පිළිබඳව විශිෂ්ට කෘතියක් ලිවීය. එයින් ද ලේඛන රුචිය නොනිමි ඔහු "සැරියුත් මහ රහතන් වහන්සේ" ගැන ග්‍රන්ථයක් කළේය.

"මහා ශ්‍රාවිකාවෝ" පොතට පෙර වදනක් ලිවීමට ඇරයුම් කළ ඔහු මාගේ ප්‍රමාදයෙන් එය මුද්‍රණයට යවා අවසන් කොට සැරියුත් මහ රහතන් වහන්සේ ගැන ලියූ පොතට වත් පෙරවදනක් ලියන ලෙස නිහතමානීව නැවත ඇරයුම් කළේය. මා මහා ශ්‍රාවිකාවන්ට පෙරවදනක් ලිවීමට මත්තෙන් ඔහු මෙසේ ග්‍රන්ථයක් ම ලියා අවසන් කොට ඉදිරිපත් කිරීමෙන් ඔහු ගේ ලේඛන ශක්තිය කොතෙක් දැයි මා මවිත වීමි.

බොහෝ දෙනෙක් ලියන්නා සේ ඔහු ධර්මය ගැන උඩින් පල්ලෙන් බලා ලියන්නෙක් නොවේ. ඔහු ත්‍රිපිටකය සිසාරා ඇත. ත්‍රිපිටකයේ කොතැන හෝ සුළුවෙන් හෝ සැරියුත් මහ රහතන් වහන්සේ ගැන කියැවුනොත් ඔහු ගේ උකුසු ඇසට එය හසු කොට සටහනක් කොට ඇත. විද්වතෙකුට පවා එය දුෂ්කර කටයුත්තකි. අප මධ්‍යස්ථානයෙන් ත්‍රිපිටක පොත් දහය දොළහ එකවර ගෙන යයි. ඔහුට එම විශේෂ අවසරය දී තිබෙන්නේ ඔහුගෙන් වන ශාසනික සේවාව ඇගයීමක් වශයෙනි.

උසස් පෙළ විද්‍යාව හැදැරූ සිසුදරුවෙක් වශයෙන් සිට මෙසේ බුදු දහමේ අස්සක් මුල්ලක් නෑර ගවේශණයට පෙළඹුනේ සසර පුරුද්දක් නිසා විය යුතුය.

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ අද්විතීය සේවාව අගය කරමින් උන් වහන්සේ ගේ චරිතාපදානය මෙසේ බෞද්ධ ලෝකයා හමුවේ හෙළි කිරීමට ගත් අපමණ වෙහෙසින් ගයාන් චානුක විදානපතිරණ සිසුවා රැස් කළ පින කොපමණ යයි කාට කිව හැකි ද? ඔහුට මෙවන් කෘතීන් බිහි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා! ශාසනයේ දියුණුවට උරදෙන මෙවන් දීප්තිමත් දරුවන් තව තවත් රටට ලැබේවා!

මේ වගට - ශාසනස්ථිතිකාමී, 

මඩවල උපාලි ස්ථවිර

ISBN
9789555518246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැරියුත් මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.