සීවලී මහ රහතන් වහන්සේ
අගනුවර මහ විදුහලක උසස් පෙළ විද්‍යා ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙණුම ලබද්දී හාපුරා කියා දොරට වැඩූ "අසූ මහා ශ්‍රාවකයෝ" යන කුළුඳුල් ග්‍රන්ථයෙන් ම දිවයිනේ ගිහි පැවිදි ප්‍රබුද්ධයන් ගේ සැලකිල්ල දිනා ගත් ගයාන් චානුක විදානපතිරණ කුලදරුවා එම ප්‍රබෝධකයන් ගෙන් ලද හෘදයන්ගම ඇගයීමෙන්, පෙළැඹීමෙන් හා ආශීර්වාදයෙන් සන්නද්ධව සරසවි වරම් ලබා ගෙන උසස් අධ්‍යාපනය ආරම්භ කරමින් 2002 වසර ඇතුළත දී ම “සැරියුත් මහ රහතන් වහන්සේ” හා “මුගලන් මහ රහතන් වහන්සේ” නමින් විශිෂ්ට ශාස්ත්‍රීය ධර්‍ම ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කිරීමට සමත් විය.
2003 වසර ආරම්භයේ දී ම “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නමින් සිය සිව්වන කෘතිය දොරට වැඩීමට ත් පෙර මෙම “සීවලී මහ රහතන් වහන්සේ” ග්‍රන්ථය මුද්‍රණයට භාරදීමට සූදානම් කිරීමෙන් තමන් ලක් මෑණියන් ගේ දුර්ලභ ගණයේ අනුජාත පුත්‍රයෙක් බව වන විට ත් මනා කොට සනාථ කර ඇත.
ත්‍රිපිටක ධර්‍මය මෙන් ම අටුවා, ටීකා, අපදාන, වංශකථා සහිත බෞද්ධ මූලාශ්‍රයන් වසර ගණනාවක් තුළ දැඩි ආයාසයකින් පරිශීලනය කිරීමෙන් ගොනු කර ගත යුතු දැනුම් සම්භාරයක් මාස කිහිපයක් ඇතුළත සැහැල්ලු මනසකින් ගලපා ගෙන ධර්‍ම ශාස්ත්‍රීය මාලාදාමයන් ගෙතීමට ගයාන් පුතණුවන්ට ඇත්තේ සාංසාරික පාරමී කුසලතාවයකි.
ඒ දුර්ලභ සහජ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් උසස් අධ්‍යාපනය ත් ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණය ත් එකමුතු කොට විකසිත කර ගෙණ ප්‍රථම උපාධියෙන් පසුව ශාස්ත්‍රපති, දර්ශනපති, හා ආචාර්ය පශ්චාත් උපාධි සඳහා “සිංහලයේ අසහාය නරවීර දුටුගැමුණු මහ රජතුමා”, “ලෝකයේ අසහාය රාජ්‍ය නායක ධර්මාශෝක අධිරාජයාණෝ”, “තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ” යන කාලීන මාතෘකා යටතේ විශිෂ්ට ගණයේ ග්‍රන්ථ තුනක් ලෝක සාහිත්‍යයට දායාද කර දෙන ලෙස ආශීර්වාද පූර්වකව ආරාධනා කරමි. ඒ යුගමෙහෙවර සපුරාදීම සඳහා ගයාන් පුත්රුවනට අසමසම තුනුරුවන් ගේ ත් කුළුණුබර මව්පිය කුලදෙවියන් ගේ ත් සෙනෙහෙබර ගිහි පැවිදි ගුරුදෙවියන් ගේ ත් ලෝවැඩ කැමති ඉටු දෙවියන් ගේ ත් රැක්ම බැල්ම හා දිරිගැන්වීම නිරතුරුව ම ලැබේවා !
පූජ්‍ය හාරිස්පත්තුවේ ආර්යවංසාලංකාර හිමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.