මුලාව' ලෙස සිංහලයට නැගුනු ‘යූ කැන් සේ දැට් එගේන්’ බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ජේම්ස් හැඩ්ලි චේස්ගේ ත්‍රාසජනක නවකතා වකි. එය ලොස් ඒන්ජල්ස්හි සාමාන්‍ය නළුවෙකුගේ ජීවිතය වටා කැරකෙන ත්‍රාසජනක, අපරාධමය චිත්‍රපටයකට සමානය.
ජෙරි ස්ටීවන්ස් යනු හොලිවුඩයේ චිත්‍රපට සහ ටෙලිවිෂන් මාලා නාටක සඳහා අර්ධකාලීන වශයෙන් විවිධ චරිත නිරූපනය කළ සාමාන්‍ය මට්ටමේ නළුවෙකි. එහෙත් මෙම කතාව ආරම්භය වෙන විට ඔහු සිටියේ රැකියා විරහිතවය. ඒ, ඉහළම මට්ටමක නොව සරල, එසේත් නැත්නම් සුළු හෝ රැකියාවක් අපේක්ෂාවෙනි.
දිනක් ඇමතුමක් දුන් ජෙර්ගේ රැකියා නියෝජිතයා ඔහුට පැවසුවේ කැලිෆෝනියාවේ ඉතා විශේෂ පැවරුමක් සඳහා ඔහුගේ සේවය අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ඔහුට ඉතා හොඳ ගෙවීමක් කරන බවත්ය.
ජෙරි එයට එකඟවන අතර එමගින් ඔහු අපරාධකරුවන් හා සම්බන්ධ ද්‍රෝහී, බොරුව හා රැවටීම් බහුල ලෝකයකට ගෙන යයි. ජෙරිට ඒ අය සමග සාර්ථකව කටයුතු කරන්නට හැකි වෙයිද නැද්ද යන්න මෙම අතිශයින්ම කුහුලාත්මක කතාවෙන් ඔබට දැන ගත හැකිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.