Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නමක් දන්නැති මලක්

නමක් දන්නැති මලක්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

වත්මත් කවි පරපුර සක්‍රීයව එහි නියැලී සිටීම තරම් සතුටක් වෙන කොහිද?. ඒ අනරින් ද කිවිඳියන්ගේ කැපවීම වඩාත් කැපී පෙනෙයි. මේ නම් මානව ගමත් මගෙහි වඩාත් ආලෝකමත් සිදුවීමකි. ඉතිහාසය තුළ කාන්තාවන් සාහිත්‍යයේ නියැලුණේ අල්ප වශයෙනි. කාලයට සාපේක්ෂ ව ගජමන් නෝනා එහි පළමු ප්‍රමුඛ ගැහැනිය වූවාය. එය වඩාත් විධිමත් ව කරලියට රැගෙන එන්නී මොනිකා රුවන්පතිරණ යි. අද එය පෙති දෙපෙති දා වැඩී තිබෙයි. නිශංකා ජයසිරි ඒ අතරට එක් වන අලුත් ම නමයි. ඇගේ 'නමක් දන්නැති මලක්' නවතම කවි එකතුව අප අතට පත් වෙන මේ වකවානුව ලංකාවේ විස්මිත ඉරණම් සහිත කාලයකි. සැබැවින් ම මේ කාලයේ අපට සතුටු විය හැකි එකම කරුණ ද මෙය ම නොවේද?. ඇගේ කවි අව්‍යාජ ගුණ වඩවයි. ආයාසයෙන් තොර ය. නිරායාස සිරිතෙන් ඇය කවි ලියයි. එය මුතූ මැණික් තරම් වෙයි. මනා පරිකල්පන ශක්තියක් පෙන්නුම් කරයි. ආයාසගත යෙදුම් සංකල්ප වෙනුවට නිදහසේ ගඟක් සේ ගලා යහ ඇගේ කවි කැපී පෙනෙයි. ඒ සිහිලෙන් සමාජයේ පහළ බිම් අර්ථයෙන් - වර්ණයෙන් සරුසාර වනු ඇති. අප නිශංකාවන්ට සුබ පතන්නේ ඒ පැහැපත් අදහසට ඇති කැමැත්තෙනි. එම කවි මග තවත් පැහැපත් වේවා.!

- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -

ISBN
9786249495906
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නමක් දන්නැති මලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.