Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විකට කතා / නරලොව හොල්මන් 03

නරලොව හොල්මන් 03

About this book

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් විවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දර්භයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. 

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික කිරි මණ්ඩලයේ සේවයෙන් පසු, කලක් දුම්රිය ස්ථානාධිපතිවරයකු වශයෙන් කටයුතු කර, 1971 අප්‍රේල් කැරැල්ලෙන් ඉක්බිතිව, ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරියකු වශයෙන් බන්ධනාගාර අංශයේ හා කෑගලදිස්ත්‍රික්කයේ කටයුතු කළ අනගිරත්න ඉන්පසු කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලයේ දේශපාලන සහකාර පදවියට පත් විය. ඉන්පසු ඩෙන්මාර්ක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ සමාජ මානව විද්‍යාඥයකු ලෙස කටයුතු කළ ඔහු සිය දීර්ඝ වෘත්තීමය ජීවිතය අවසන් කළේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආරම්භ කළ මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රවෘත්ති නිලධාරි හා සංස්කාරක වශයෙනි. 

දැන් සිය පූර්ණ කාලය ග්‍රන්ථකරණය සඳහා කැප කර සිටින චන්ද්‍ර අනගිරත්නගේ පරිවර්තන කෘතින් ගණනාවක්ම ප්‍රකාශයට පත්කළ අපි සිංහල පාඨකයාගේ විනෝද සුවය සඳහා “නරලොව හොල්මන් 3” මෙසේ ප්‍රකාශයට පත් කර සිටිමු.

ISBN
9789556862140
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නරලොව හොල්මන් 03

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.