Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම

නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම

About this book
නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම නම් වූ මෙම කෘතිය කලී නව නර්තන පර්යේෂණ සඳහා ප්‍රවේශයන් ගණනාවක් හෙළි කරන පාඨ ග්‍රන්ථයකි. එම ප්‍රවේශ ඔස්සේ නර්තන කලාව සමඟ අධ්‍යාපනික වශයෙන් ඉහළ මට්ටමේ ගනුදෙනුවක් ඇති කරගැනීමට නම් විද්‍යාර්ථීන්ට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නර්තන අධ්‍යයන සම්බන්ධ විවිධ න්‍යාය සහ විධික්‍රම ගණනාවක් විසි වැනි සියවසේ අග භාගයේ සහ විසි එක් වැනි සියවසේදී ඉදිරිපත් වී ඇතත්, ඒවා සිංහල භාෂාවෙන් කියවන පාඨකයින්ට මුණ ගැසී ඇත්තේ ඉතාම අල්ප වශයෙන් බව පෙනේ. දේශීය නර්තන අධ්‍යයන විෂයයෙහි පවතින එම රික්තය යම් අයුරකින් හෝ පිරවීමට මෙම ග්‍රන්ථයෙන් දායකත්වයන් සපයයි. ජාත්‍යන්තර මට්ටමේ නර්තන අධ්‍යයන සඳහා භාවිතා කළ විවිධ ප්‍රවේශයන් හඳුන්වා දෙන කතුවරයා, ඒවායේ ශක්‍යතා සහ දුර්වලතා පෙන්වා දෙයි. දේශීය නර්තනයන් අධ්‍යයනය කිරීම සඳහා යොදා ගත හැකි නව න්‍යාය සහ විධික්‍රම ගණනාවක්ම මෙමඟින් ඉදිරිපත් කෙරේ. පොදුවේ නර්තන හා රංගකලා අධ්‍යයනයෙහි යෙදෙන ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ එම විෂය උගන්වන ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විවිධ මට්ටමේ පර්යේෂකයන්ට මෙය අත්පොතකි.
Details
ISBN
9786245546114
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම

Reviews are published once a member of our team has read them.