Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

About this book

“ළමෝ” යනු රංග චිකිත්සන සායනයට පැමිණි පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ දත්තයන්ගේ විශ්ලේෂණයකි. අද දවසේ මෙවැනි පර්යේෂණාත්මක කෘතියක අවශ්‍යතාවය වන්නේ ලාංකීය පාසල් දරුවා සහ පාසල් පද්ධතිය අතර ඇති ගණුදෙනුවේ ස්වභාවය වටහා ගැනීම ට, වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරීම ට සහ පාසල් දරුවාගේ මානසික සෞඛ්‍යය කොතරම් වැදගත් ද යන්න තහවුරු කිරීමට ය. මෙම කෘතිය මෙරට පාසල් මනෝ උපදේශකවරුන්, විශේෂ අධ්‍යාපන ගුරුවරුන්, අධ්‍යාපන පර්යේෂකයින්, මනෝ වෛද්‍යවරුන්, පෙර පාසල්, ප්‍රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන්, සමාජ වැඩකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් සහ දෙමාපියන් සඳහා අත්පොතකි.

ආචාර්ය රවින්ද්‍ර රණසිංහ දශක දෙකහමාරකට වැඩි කාලයක් ලංකාවේ විවිධ ජන කණ්ඩායම් හා සමග මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රය නංවාලීමට ඇවැසි පර්යේෂණ කාර්යයන් හි නියැලී සිටින පුරෝගාමී රංග චිකිත්සකයෙකි. මෙම කෘතිය ලාංකීය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔහු විසින් දායාද කෙරෙන නවතම පර්යේෂණය වේ. පාසල් දරුවා සහ අධ්‍යාපන පද්ධතිය ගැන මෙම විශ්ලේෂණය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවමු මානයන් වෙත දිසාගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි. පර්යේෂකයෙකු ලෙස ආචාර්ය රණසිංහ ගෝලීය වශයෙන් පළ කොට ඇති පර්යේෂණ ලංකාවේ රංග චිකිත්සන ක්ෂේත්‍රය වඩාත් පුළුල් මානයන් වෙත කැඳවාගෙන යාමට දායක වී ඇත. “ළමෝ” නමැති මෙම කෘතිය ශ්‍රී ලාංකීය මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයට ඔහු විසින් ලබා දෙන අතිමහත් දායකත්වයේ පමණ කියා පායි.

ISBN
9786245397051
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.